Cricket GossipCricket NewsEXCLUSIVE

ධනුෂ්ක ගුණතිලකගෙ නඩු විභාගය පිළිබද නවතම තතු

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේදි නිවසක් තුළ කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ලබන සතියේ සිඩ්නි අධිකරණයේ නඩු විභාගයට පෙනී සිටීමට නියමිතය.

ගුණතිලක මහතා සඳුදා සිට විනිසුරුවරයාගේ තනි නඩු විභාගයකට මුහුණ දීමට සූදානම් වන බැවින් 32 හැවිරිදි ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥයින් බ්‍රහස්පතින්දා ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවිය ඉදිරිපිටට පැමිණියහ.

තවත් චෝදනා කිහිපයක් ඉල්ලා අස්කරගෙන ඇති අතර ඔහු මේ වසර මුලදී, කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදීම යන චෝදනාවට වරද පිළිගත්තේ නැත.

නඩු විභාගය දින තුන හතරක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර ඔහුට සිංහල භාෂා පරිවර්තකයකුගේ සහාය ලැබෙන බව බ්‍රහස්පතින්දා අධිකරණය දන්වා සිටියේය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button