Cricket NewsEXCLUSIVE

පිට පිට එක්දින තරඟ 9 ක් ජයග්‍රහණය කල ශ්‍රී ලංකා නායකයින්ගේ නම් අතරට දසුන් ශානකගේ නමත් එක්වෙයි !

දශකයට පසු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම පිට පිට තරඟ 9 ක් ජයග්‍රහණය කිරීමට ඊයේ සමත්වූයේ ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියේ සුපිරි හයේ දෙනාගේ වටයේ අවසන් තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 8 කින් පරායට පත් කරමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට එක්දින තරඟ 9 ක් පිට පිට ජයගෙන තිබුණේ 2013 වසරේදී වන අතර ඒ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ දීය.

මැතිව්ස්ට පෙර පිට පිට එක්දින තරඟ 9 කදී ශ්‍රී ලංකාව ජයග්‍රහණයන් කරා මෙහෙයවූ සෙසු නායකයින් වනුයේ අර්ජුණ රණතුංග,මාවන් අතපත්තු හා මහේල ජයවර්ධන ‍යි.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් පිට පිට එක්දින තරඟ 9 ක් ජයගත් නායකින් අතරට ඊයේ දසුන් ශානකගේ නමද එක්වූයේ එම දස්කම දැක්වූ පස්වැනි ශ්‍රී ලංකා නායකයා වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
3
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button