Cricket GossipEXCLUSIVE

ලේඛන වල පවතින පරස්පරතාවයක් නිසා දනුශ්කගේ නඩුව අද යලි කැඳවයි – පැමිණිලි පාර්ශ්වයෙන් විශේෂ ඉල්ලීමක්ද සිදු කරයි!

නිමාව දුටු ලෝක කුසලාන තරඟාවලිය සඳහා නම් කල ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත්ව සිටි ශ්‍රී ලංකා පිතිකරු දනුශ්ක ගුණතිලකට හට පසුගියදා Dating app එකක් ඔස්සේ හමු වී අතවර කලා යැයි ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් විසින් පැමිණිල්ලක් සිදුකර තිබුණි.

අවසරයකින් තොරව ලිංගිකව එක්වීමේ චෝදනා හතරක් සම්බන්ධයෙන් පසුගියදා සිඩ්නි පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර සිඩ්නි අධිකරණය සඳුදා පැවැති නඩු විභාගයේදී දනුශ්කගේ ඇප ප්‍රතික්ෂේප කළේය. සිඩ්නි හි මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ කණ්ඩායමේ හෝටලයේදී ඔහු නොවැම්බර් 6 වන දින අලුයම අත්අඩංගුවට ගන්නා ලදී.

කෙසේ නමුත් ලේඛනවල පවතින පරස්පරතවයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකගේ නඩුව අද (09) යළි කැඳවීමට නියමිතව ඇති අතර,පැමිණිලි පාර්ශවය විසින් නඩු විභාගය මාධ්‍යට අනාවරණය නොකරන ලෙසට ද ඉල්ලීමක් කර ඇති බව ශ්‍රී ලංකා සිඩ්නි ක්‍රිකට් ආයතනයේ සභාපති චානක සේනාරත්න මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

එමෙන්ම දනුශ්කගේ නඩු විභාගයේ ගාස්තු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොදරණ ලෙස ක්‍රීඩා අමාත්‍යාය පසුගියදා නියෝග කර තිබුණු අතර මේ වන විට දනුශ්ක ඔස්ට්‍රේලියාවේ සිල්වර්වෝටර් බන්ධනාගාරයේ රඳවා තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7