Cricket NewsEXCLUSIVE

රශීඩ් ඛාන්ව පසු කරමින් වනිඳු හසරංග නවතම ICC විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි නැවතත් අංක එකට.!

මෙවර පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ වටය මේ වන විට ආරම්භ වී තිබෙන අතර අවාසනාවන්ත ලෙස සුපිරි 12 දෙනාගෙ තරඟ වටයෙන් මෙවර සිය ලෝක කුසලාන ගමන් මග අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා.

කෙසේ නමුත් තරඟාවලිය පුරාවට පන්දුවෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රිඩක වනිඳු හසරංග නවතම ICC විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රෙණිගත කිරිම්හි ප්‍රථම ස්ථානයට පැමිණීමට සමත්ව තිබෙනවා.

ඊට අමතරව මෙතෙක් 2022 විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වන්නේද වනිඳු හසරංගයි.

මීට පෙර ප්‍රථම ස්ථානයේ සිටි රශීඩ් ඛාන්ව දෙවන ස්තාතය දක්වා පහතට ඇද දමමින් වනිඳු ප්‍රථම ස්ථානයට පැමිණියේ ප්‍රසාද ලකුණු 704ක් සමගිනුයි.

මීට අමතරව මහීෂ් තීක්ශනද පන්දු යවන්නන් ශ්‍රෙණිගත කිරීම් හි දස වන ස්ථානයේ පසු වනවා.

නමතම විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රෙණිගත කිරීම් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button