Cricket NewsEXCLUSIVE

“දසුන් කියන්නේ පසුගිය කාලය තුළ ඔහුට ලැබුණු සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සදහා කැපවෙන්න කණ්ඩායමක් අරගෙන ගිය නායකයෙක්” – ලසිත් මාලිංග

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියා තරඟ සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු විස්සයි-20 තරඟය හෙට ආරම්භ වීමට නියමිතව ඇති අතර මෙහිදී ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය පිළිබඳව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු සහ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී වසර ගණනක් තිබු දැවැන්ත පරාජ රැල්ලෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ගලවාගත් නායකයා වූ දසුන් ශානකගේ නායකත්වය ජාතික අවශ්‍යතාවයක් සේ සලකා තීරණ ගැනීම පිළිබඳව තේරීම් කමිටුවට ප්‍රශංසා කර සිටියා.

එහිදී අදහස් දැක්වූ ලසිත් මාලිංග,

“LPL තරඟාවලිය යන අතරතුර විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල ඉන්න ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වුණා, දසුන්ව එළියට දාලා වෙන කෙනෙක් මේ සීමිත පන්දුවාර ක්‍රිකට් නායකත්වය භාරගනී කියලා. නමුත් තේරීම් කමිටුව ඒ කිසිදේකට ඇහුම්කම් නොදී හරි දේ කළා, මොකද දසුන් කියන්නේ පසුගිය අවුරුදු 1 1/2 තුළ ඔහුට ලැබුණු සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ජයග්‍රහණය සදහා කැපවෙන්න කණ්ඩායමක් අරගෙන ගිය නායකයෙක්,

ආසියානු කුසලානය ජයග්‍රහණය කරපු නායකයෙක්. ඔව් LPL තරඟාවලියේදී බලාපොරොත්තු වුණු තරම් ලකුණු ලබාගන්න බැරි වුණා, ඔහුගේ කණ්ඩායම පළමු වටයෙන්ම ඉවත් වුණා. නමුත් තේරීම් කමිටුව ජාතික අවශ්‍යතාවය සහ ජාතික කණ්ඩායමේ මෙතෙක් කල් සාර්ථක වුණු නායකයා ඉදිරියට ගෙන යාමට තීරණය කරලා තිබෙනවා. ඒක ඉතාමත් හොද ක්‍රියාවක්. ඒ වගේම වනිදු සහ කුසල් මෙන්ඩිස් උපනායකයන් විදිහට පත්කිරීමත් ඉතාමත් හොද ක්‍රියාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන්.”

ලසිත් මාලිංග නිළ You Tube නාළිකාවේ පළ වූ එම වීඩියෝව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button