Cricket NewsEXCLUSIVE

“දසුන්ට ඕනි තරම් ප්‍රශ්න තියෙන්න පුළුවන් හැබැයි ඉන්දියාව වඩා ගන්න එක ඒවයින් එකක් නෙමෙයි” – Harshal Patel සහ ඉන්දියාව ඉදිරියේ සාර්ථකම පිතිකරුවා දසුන් ශානක

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියා තරඟ සංචාරය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු විස්සයි-20 තරඟයෙන් තියුණු තරඟයක් අවසානයේ ලකුණු 2කක තියුණු ජයක් වාර්තා කරමින් තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව ඉදිරියේ දැවැන්ත තරඟ පරාජයක් ලෙස ලියැවී තිබු එම තරඟය නායක දසුන් ශානකගේ වේගවත් පිතිකරණයත් වනිඳු සහ චාමික ලබා දුන් සුපිරි සහයත් හේතුවෙන් ජයග්‍රහණය අසලටම රැගෙන ඒමට සමත් වුනා. කෙසේ නමුත් ලකුණු 2කක තියුණු ජයක් හිමි වූ අතර ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ ඉදිරි තරඟ ද්විත්වයේදී ඉන්දීය කණ්ඩායමට ශ්‍රී ලංකාව විසින් දැඩි පීඩනයක් එල්ල කරනු ඇති බවයි.

මේ අතර ඉන්දියාවට එරෙහිව ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ පිට පිට වැඩිම ඉනිම් සංඛ්‍යාවක ලකුණු 30ට වැඩියෙන් ලබාගත් නායකයා ලෙස දසුන් ශානක වාර්තා පොත් අතරට එකතු වී තිබෙනවා.

ඒ අනුව දසුන් මේ වනවිට පිට පිට ඉනිම් හතරකදී නායකයා ලෙස ලකුණු 30කට වැඩියෙන් ඉන්දියාවට එරෙහිව රැස් කර ගැනීමට සමත් වී තිබෙන අතර දසුන් ශානක ඉන්දියාවට එරෙහිව දියත්කල අවසන් විස්සයි විස්ස ඉනිම් හතර පිළිවෙලින් මෙසේයි.

45 vs India 2023***
33* vs India 2022
74* vs India 2022
47* vs India 2022

එමෙන්ම ශ්‍රී ලංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයා අතර පමණක් නොව ඉන්දීය ප්‍රේක්ෂකන් අතර පවා ජනප්‍රිය Dasun Shanka VS Harshal Patel ද්විත්ව සටනේ දැවැන්ත ලෙස සිය අණසක පැතිරවීමට දසුන් ශානක සමත්ව තිබෙනවා.

මේ වන විට ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ හර්ශාල් සහ දසුන් ශානක අවස්ථා කිහිපයක මුණ ගැසී ඇති අතර එහිදී හර්ශාල් දසුන්ට යවා ඇති පන්දු සංඛ්‍යාව පන්දු 24ක්. කෙසේ නමුත් දසුන් ශානක එම පන්දු 24ට හර්ශාල්ගෙන් ලකුණු 62ක් උදුරා ගැනීමට සමත්ව සිටින අතර dot ball සටහන් වී ඇත්තේ ද 2කක් පමණයි. දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් ඊට ඇතුලත්. එමෙන්ම මෙම කිසිම අවස්ථාවක දසුන් ශානකව දවා ගැනීමට ද හර්ශාල් ට හැකියාව ලැබී නැහැ.

– විශේෂ ස්තුතිය Rishie Bro සහ Thurunu Jayasiri

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button