EXCLUSIVETrending Article

“අවසන් පන්දුව තෙක් ඉන්දියානුවන්ට පීඩනය දීලා ලකුණු 2කින් අපි පරාද වුනේ, ඉතිරි තරඟ මිට වඩා හොඳට කරන්න අපිට පුළුවන්” – අහිමි වූ වටිනා ජයග්‍රහණය ක්‍රිකට් රසිකයකුගේ ඇසින්.!

ශ්‍රි ලංකාවත් ඉන්දියවත් අතර පලවෙනි විස්සයි විස්ස තරගය අවසන් වුනේ ශ්‍රි ලංකාවට අවාසනාවන්ත විදිහට ලකුණු 2කින් පරාජය උරුම වෙලා.

ශ්‍රි ලංකා නායකයා කාසිය වාසිය දිනාගෙන මුලින්ම පන්දු යැවීමට තීරණය කරනවා. ඒක ඉතාම හොද තීරණයක්.
ඉතිං මුලින්ම පන්දුවට පහර දෙන්න මුලින්ම එන්නේ ඉන්දියාවේ ඉශාන් කිශාන් සහ සුබ්මන් ගිල්. කසුන් රාජිතට මේ තරගයේ ටිකක් වැඩියෙන් ලකුණු වදිනවා. කසුන්ට එරෙහිව හොදම Momentum එක ගන්නේ ඉශාන් කිශාන්. එතන මොකද වුනේ ?

කසුන් කියන්නේ අලුත් බෝලේ Swing කරන්න පුළුවන් පන්දු යවන්නෙක්. ඉතිං කිශාන් හුගාක් වෙලාවට පන්දුව දණහිසට වදින ලෙන්ත් එකේ Swing වෙන පන්දුවට දවා ගන්න පොඩි චාන්ස් එකක් තියෙනවා. හොදට බලන්න රාජිතගේ පලවෙනි පන්දු කිහිපයේ එයා උත්සහ කරේ ඒ දේ කරන්න. හැබැයි ඉශාන් කිශාන් සාර්ථක වුනා. නමුත් ඒ වෙලාවේ රාජිත කරන්න උත්සහ කරපු දේ හුගාක් දුරට හරි. ඒ අතරෙදි එයාට පන්දුවේ පාලනයෙත් පොඩි ප්‍රශ්නයක් තිබුනා.

ශුබ්මන් ගිල්ගේ කඩුල්ල මහීෂ් තීක්ෂණ ලබා දෙනවා. ඒ වෙලාවේ නායකයා ගත්ත හොදම පන්දු තේරීමක් තමයි ඒ. ලකුණු ටිකක් වැඩිපුර ගිහින් තිබුන වෙලාවේ ලකුණු වේගය අඩු කරන්න අපිට තියෙන හොදම තුරුම්පුව තමයි තීක්ෂණ. එයා ඒ දේ හරියට කරා.

ඊට පස්සේ සූර්‍යකුමාර් ‍යාදෙව්. සූර්‍යකුමාර් කියන්නේ ලොකු ස්ට්‍රයික් ‍රේට් එකක් තියෙන පිතිකරුවෙක්. එයත් හරියට අපේ චරිත් අසලංක වගේ තමයි. චරිත් කියන්නෙත් හුගාක් වෙලාවට පිටියට ආපු ගමන් බවුන්ඩ්‍රියක් ගහලා එයාගේ සුපුරුදු රිද්මයට පැමිණෙන කෙනෙක්. සූර්‍යාත් එහෙමයි. හොදට බැලුවොත් චාමිකට සූර්‍යාගේ කඩුල්ල එන්නේ ඊට පෙර පන්දු වල සූර්‍යකුමාර්ට අපේ පන්දු යවන්නන් දීපු පීඩනය හින්දා.

සූර්‍යකුමාර් එක හතරේ පහරක් එල්ල කරත් එයාට අපේ පන්දු යවන්නන් පීඩනය දුන්නා. විශේෂයෙන් මදුශංක සහ තික්ෂන හොදින් පීඩනය දුන්නා. ඒ නිසාම චාමික එයාගේ සුපුරුදු එයා කැමති පහරට ගහන්න අවස්ථාව ලබා දුන්නා. අවසානයේ සූර්‍යකුමාර්ගේ කඩුල්ල ගන්න චාමිකට හැකි වුණා.

ඒ වගේම සුපුරුදු පරිදි සංජු සැම්සන් නැවතත් ලංකාව ඉදිරියේ අසාර්ථක වෙනවා. වෙනදා හසරංගට ලියවිලා තිබුන මේ කඩුල්ල මේ තරගයේදී දනංජය ද සිල්වා ලබා ගන්නවා.

හර්ඩික් පාණ්ඩ්‍යාගේ කඩුල්ල. මේක නිකන්ම ආපු කඩුල්ලක් නෙමෙයි. සැලසුමකට ගත්ත කඩුල්ලක්. හොදට බැලුවොත් පාණ්ඩ්‍යා පන්දුව පිලිගන්න ඉන්න ඉරියව්වත් එක්ක එයාගේ ඇග හරහා යන්න තමයි මේ කොට බෝලේ දිල්ශාන් ‍යොමු කරන්නේ. ඉතිං අපි දැක්කා ඒ පන්දුවට පාණ්ඩ්‍යා කොයි තරම් අසරණ වුනාද කියලා.

විටෙක ලොකු ලකුණු පුවරුවක් නිර්මාණය කරයි කියලා හිතපු තරගය අපේ පන්දු යවන්නන් ඉතාම හොදින් පාලනය කරනවා.

අපිට ලොකු බලපෑමක් කරපු පාට්නර්ශිප් එක තමයි දීපාක් හූඩා සහ අක්ෂාර් පටෙල්ගේ පාට්නර්ශිප් එක.
පන්දුවාර 3ට ලකුණු 12ක් පමණක් දීලා තිබුන තීක්ෂණගේ අවසන් පන්දුවාරයට ඉන්දියාව ලකුණු 17ක් ලබා ගන්නවා. විශේෂයෙන්ම හුඩා තීක්ෂණට එරෙහිව ප්‍රහාරය දියත් කරනවා. සාමාන්‍යයෙන් හූඩා කියන්නේ ලෙග් සයිඩ් එකේ ලොකු පහරවල් වලට යන කෙනෙක්. හැබැයි ඒ අවස්ථාවේ තීක්ෂණට බැරි වෙනවා හුඩාව පාලනය කරන්න. සමහරවිට මීට වැඩියෙන් පිට ඉන්නෙන් එළියට වෙන්න වයිඩ් ලයින් එක ආක්‍රමණය කරලා පන්දු යැව්වා නම් මේ වුනු හානිය අවම කර ගන්න තිබුනා.

හසරංගටත් වුනේ එවැනිම දෙයක්. හසරංගගේ අවසන් පන්දුවට හයේ පහරක් රැස් කරන හූඩා ඉනිමේ අවසන් භාගයේදී හොද ජීවයක් ලබා ගන්නවා.

ඊට පස්සේ 18 වෙනි පන්දුවාරය යොමු කරන්න කැදවන්නේ කසුන් රාජිත. එයා ඒ පන්දුවාරය හොදටම යොමු කරා. ලකුණු 6යි දුන්නේ. ඉතිං ඒ හේතුව නිසාම තමයි දසුන් රාජිතට අවසන් පන්දුවාරය දුන්නේ. මීට පෙර මුල් පන්දුවාර දෙකේ කසුන් ප්‍රහාරයට ලක් වුනා. එකක් පවර්ප්ලේ එකේදී අනික මැද පන්දුවාරවල යවපු පන්දුවාරයක්. නමුත් ඩෙත් එකේදී කසුන් හොදින් පන්දු යවනවා දකිනවා. ඒ විශ්වාසය ඇතුවයි කසුන්ට අන්තිම පන්දුවරයත් දසුන් දෙන්නේ. නමුත් කසුන්ට හිටපු තරම් හොදට කරන්න බැරි වෙනවා.

එහෙම දවස් එනවා. මේ තරගයේ හැමෝටම එයාලගේ පන්දුවාර හතර යොමු කරන්න බැරි වෙයි සිටුවේෂන් එක අනුව පන්දු ‍යවන්නන් 10 දෙනෙක් භාවිතා කරලා හරි ලකුණු අඩුවෙන් තියා ගන්න එක තමයි වටින්නේ කියලා. ඉතිං අන්න ඒ නිසා තමයි චාමිකගේ එක පන්දුවාරයකුත් දනංජයගේ පන්දුවාර තුනකුත් ඉතුරු වුනේ.

ඉන්දියාව අන්තිමට ලකුණු 162ක් කඩුලු 5කට ලබා ගන්නවා. මේ ඉනිම ලකුණු 150ට අඩුවෙන් සීමා කරන්න පුළුවන් වෙච්චි ඉනිමක් වුනත් මේ ලකුණු 163ත් මේ ග්‍රවුන්ඩ් එකේ ගහන්න පුළුවන් ලකුණු සංඛ්‍යාවක්.

හොදට බැලුවොත් ඉන්දියාව කුසල් මෙන්ඩිස්ට හොදට ඇටෑක් කරා. එයාගේ පන්දුව දණහිසේ වදින ලෙන්ත් එකේ බෝල් කරා. in swing පන්දු යොමු කරා. හැබැයි කුසල් ගැලවිලා හිටියා. පැතුම්ට කරෙත් ඒ දේමයි. නමුත් පැතුම් මාවිගේ In swing පන්දුවකට දැවී ගියා. ඒ දැවියාම බැලුවොත් හොද පන්දුවක් විදිහට පෙනේවි. නමුත් ඒ පන්දුව පැතුම් හොද පන්දුවක් කර ගත්තා.

පැතුම්ගේ පාදය සහ පිත්ත අතර තිබුන හිඩැස දකින්න ඇති. පැතුම් තෝරා ගත්ත ශොට් සිලෙක්ෂන් එක ප්‍රශ්නයක් තිබුනා.
දනංජයගේ කඩුල්ලත් දැවී ගියා.

ඊට පස්සේ චරිත්… මලික් කියන්නේ වේගයෙන් පන්දු යවන පන්දු යවන්නෙක්. ඉතිං එයාගේ වේගය සහ ඉපිල්ලීම එක්ක තරමක් ඉපිල්ලමත් සමග කොට පන්දුවක් යොමු කරා. උපක්‍රමය ඒ විදිහටම සාර්ථක වෙලා චරිත් අසලංක උඩ පන්දුවක් මගින් දැවී යනවා.

ඊට පස්සේ කුසල් මෙන්ඩිස් අවාසනාවන්ත විදිහට Deep Cover ප්‍රදේශයේ පන්දු රකිමින් සිටි සංජු සැම්සන් අතට උඩ පන්දුවක් ලබා දී දැවී යනවා. ඊට පස්සේ භානුකත් දැවි ගියා. භානුකගේ ඒ පහරේ කල්‍ යල් මැනීමේ ගැටලුවක් නිසා ඔහු හිතූ පරිදි ඒ පහර එල්ල කරන්න බැරි වෙනවා.

ඉන් අනතුරුව දසුන් එක්ක කඩුල්ලට එකතු වෙන්නේ වනිදු හසරංග. ඒ වෙලාවේ වනිදු ක්‍රීඩා කරන්න ආපු එක හොද දෙයක්. මොකද ඒ වෙද්දි චහල්ගේ පන්දුවාර තුනක් ඉතුරු වෙලා තිබුනා. ඉතිං වනිදු කියන්නේ ස්පින් එකට හොදට ගහන කෙනෙක්. එයා ඒ දේ කරා. ශ්‍රි ලංකා ඉනිමට ජීවයක් දෙන්න ඒ පාට්නර්ශිප් එකට හැකි වුනා. වනිදු කියන්නේ හුගාක් පිට ඉන්නේ ආක්‍රමණශීලී ප්‍රහාරකයෙක්. ඒ දේ නිසාමයි පහුගිය කාලය පුරාම වනිදු දැවි ගියේ. මේ තරගයෙත් අවාසනාවන්ත විදිහට ඔහු දැවි ගියා. මේ දැවීයාම ලොකු පාඩුවක් වුනා.

නමුත් දසුන් ඉතාම හොදින් ක්‍රීඩා කරා. අවාසනාවන්ත විදිහට දසුන්ට අර්ධ ශතකයට ලකුණු 5ක්ව අහිමි වි තියෙද්දි දැවි යනවා. මේ දැවීයාම තරගයේ පරාජයට ලොකු බලපෑමක් කරා. කාට හරි කියන්න පුළුවන් අනිත් අය එහෙමවත් ගැහුවද ? ඇයි මේ ගහපු එකාට මෙහෙම කියන්නේ කියලා. විස්සයි විස්ස තරගයක හැම පිතිකරුවන්ටම සාර්ථක වෙන්න බැ. එහෙම වෙන්නෙත් හුගාක් කලාතුරකින්. ඉතිං එදා දවසේ හොදට කරන කෙනා මේ ගේම් එකේ දැනෙන්න දෙයක් කරන්න ඕනි. ඉතිං දසුන්ගේ දැවීයාම පරාජයට ලොකු බලපෑමක් වුනා. විටෙක දසුන් දැවී යන්න කලින් ඉන්දියාව Review අවස්ථාවක් ලබාගන්නවා. එතැනින් දසුන්ගේ Momentum එක නැති වුනාදෝ කියලත් හිතෙනවා.

කොහොම වුනත් චාමික කරුණාරත්න හොද සටනක් දුන්නා.මේ තරගය දසුන්ගෙන් පස්සේ අවසානය වෙනකල් ගෙනාවෙත් චාමික වගේම පරාජය වුනෙත් ඔහු නිසා. අන්තිම පන්දුවාරයට අපිට ගහන්න තිබුනේ ලකුණු 13යි. හරියට බැලුවොත් පහරවල් දෙකයි.

ඒ වෙලාවේ පාණ්ඩ්‍යා හොද දෙයක් කරා. චාහල් ඉද්දි අක්ෂාර් පන්දු ‍යවන්න කැදෙව්වා. අක්ෂාර්ට පුළුවන් තරමක් වේගයෙන් පන්දු යවන්න. ඒ වගේම එයාට හොද ආම් බෝල් එකක් තියෙනවා. ඒ වගේම චාමික දඟ පන්දු යවන්නන්ට පිට ඉන්නෙන් පිට වයිඩ් ලෙන්ත් එකට වෙන්න චාමික තරමක් දුර්වලයි කියලා දැනගෙන හිටියා. කොහොම නමුත් ඒ වෙලාවේ චාමික මග හැරපු පන්දු දෙකෙන් තරගයේ ඉරණම ලියවුනා.

අන්තිමට ලකුණු දෙකකින් පරාජය වෙනවා. කොහොම වුනත් ඉන්දියාවෙදි ඉන්දියාවට එරෙහිව හොද සටනක් දුන්නා. නමුත් මේක ලොකු පාඩුවක්. මොකද ඉන්දියාවේදී එයාලගේ ක්‍රවුඩ් එකක් ඉදිරියේ අපිට මැච් එකක් දිනන්න ලේසි දෙයක් නෙමෙයි. ඉතිං ඒ මහඟු අවස්ථාවක් අපිට නැති වුනා.

Rishie Bro තැබූ සටහනක් ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7