Cricket NewsEXCLUSIVE

“ඇත්තටම මහන්සි වෙලා වැඩ කිරීම තමයි හේතුව, ඒ වගේම හොඳ පුහුණු වීම්” – තරඟයේ වීරයා සූර්යකුමාර් යාදව්

සංචාරක ඉන්දියා කණ්ඩායම සහ සත්කාරක ඉන්දියා කණ්ඩායම අතර පැවති තරඟ තුනකින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ තීරණාත්මක තෙවන තරඟය ලකුණු 91කින් ජයග්‍රහණය කරමින් 2-1ක් ලෙස 2023 වසරේ ප්‍රථම තරඟාවලිය ජයග්‍රාහිව ආරම්භ කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුනා.

මෙම තරඟයේ වීරයා මෙන්ම තරඟයේ තීරණයට වැඩිම බලපෑමක් සිදු කළ ක්‍රිඩකයා වූ සූර්යකුමාර් යාදව් පන්දු 51කදී දැවැන්ත හයේ පහර 9ක් සහ හතරේ පහර 7ක් සමග අධිවේගි ශතකයක් රැස් කලේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අමතක නොවන ප්‍රහාරයක් දියත් කරමිනි.

තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදි මේ පිළිබඳව අදහස් දක්වමින් සූර්යා මෙලෙස ප්‍රකාශ කර සිටියා.

“ඔබ ඕනෑම තරගයකට සූදානම් වෙද්දී තමන්ව ම පීඩනයකට භාජනය කර ගැනීම ගොඩක් වැදගත්. ඔබේ පුහුණු සැසිවල දී ඔබ මොකද කරන්නේ, ඔබේ චර්යා රටා මොන වගේ ද කියන එක ගොඩක් වැදගත්. පුහුණුවීම් වල දී ඔබ ඔබවම පීඩනයට පත් කර ගැනීම මගින්, තරගයක් ක්‍රීඩා කරද්දී ඔබට ක්‍රීඩා කිරීම පහසු වෙනවා.

ඇත්තටම මහන්සි වෙලා වැඩ කිරීම තමයි හේතුව, ඒ වගේම හොඳ පුහුණු වීම්. පෙර සැලසුම් කළ පහරවල් කිහිපයක් ම තිබුණා. ඒ වගේම පන්දු යවන්නා වෙනස් පන්දු යොමු කළොත් ඔබ සතුව ඒ සඳහා පාවිච්චි කළ හැකි අන්දමේ පහරවල් තිබිය යුතුයි. ඔබ හැම පහරක් වෙනුවෙන් ම සූදානම් වෙලා සිටිය යුතුයි.”

එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button