Cricket NewsEXCLUSIVEInternational

අපි එක දිගට තරග ජයගෙන වාර්තාවක් තිබ්බා, කණ්ඩායමක් ලෙස අපි ලෝක කුසලානයේ ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා – ශ්‍රි ලංකා නායක දසුන් ශානක

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනාගනිමින් ලෝක කුසලාන තරගාවලියට පිවිසි ශ්‍රී ලංකාව, මේ වන විට බංග්ලාදේශයට සහ ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැති පෙරහුරු තරග දෙකම පරාජයට පත්ව යම් පසුබෑමකට ලක්ව සිටියි. කෙසේ වුවත් දක්ෂ තරුණ ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම, පරාජයේ අළු ගසා දමමින් යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වනු ඇතැයි ක්‍රීඩා ලෝලීහු බලාපොරොත්තුවෙන් සිටිති.

“මෙය අපට උද්යෝගිමත් කාලයක්. අපේ ක්‍රීඩකයො පසුගිය කාලයේ ආබාධවලට ලක්ව බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. ඒ වගේම අපි එක දිගට තරග ජයගෙන වාර්තාවක් තියලත් තියෙනවා. කණ්ඩායමක් ලෙස අපි ලෝක කුසලානයේ ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා. හැම කණ්ඩායමකටම අවශ්‍ය කැපී පෙනෙන යමක් කරන්නයි. අපිත් ඇවිත් ඉන්නේ මෙම තරගාවලියේදි හොඳින් දස්කම් දැක්වීමටයි.” යැයි ඊයේ (3 වැනිදා) අහමදාබාද්හි පැවැති නායකයන්ගේ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button