Cricket NewsEXCLUSIVEIPL

මහිෂ් තීක්ෂණගේ කැරම් පන්දු ඉදිරියේ නම් දැරූ ප්‍රභල Delhi Capitals පිතිකරුවන් පසුබායි – නැවතත් සුපිරි පන්දු යැවීමක්.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 55වන තරගය ලෙස මහිෂ් තීක්ෂණ ක්‍රීඩා කරන Chennai Super Kings කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් ලකුණු 91ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Delhi Capitals නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා

ඒ අනුව පිටියට පිවිසි Chennai Super Kings පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 208ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 209ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන්ට පන්දුවාර 17.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 117ක් පමණයි

එහිදී Chennai Super Kings වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මහිෂ් තීක්ෂණ මෙම තරඟයේත් විශිෂ්ට පන්දු යැවීමක නිරත වුවා.

මහිෂ් තීක්ෂණ මෙම තරඟයේදී සිය පන්දුවාර 4තුල ප්‍රතිවාදී පිතිකරුවන්ට ලබා දුන්නේ ලකුණු 29ක් වන අතර Delhi Capitals කණ්ඩායමේ වටිනාම ක්‍රීඩකයා වූ David Warnerගේ කඩුල්ල ලබා ගැනීමට ද ඔහු සමත් වුනා.

මහිෂ් තීක්ෂණ ලබා ගත් David Warnerගේ කඩුල්ල පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7