Cricket NewsEXCLUSIVEInternational

වනිඳු හසරංග මත ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ගමන තීරණය වනු ඇති බව මහේල කියයි.

ඔස්ට්‍රේලියාවේදී ආරම්භවීමට නියමිත ජගත් විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම තීරණාත්මක කඩයිමක් පසුකල යුතුව තිබේ.දශක දෙකකට වඩා වැඩි ඉතිහාසයක් ඇති ආසියානු කුසලානයේදී වඩාත් වැඩි ගෞරවයක් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවනු ඇත. අවසන් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූයේ ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය ඉදිරියේ පරාජය වී අත්පිසදාගෙන යලි තම මව්බිමට පැමිණෙන්නටය.

මෙවර ආසියානු කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සංක්‍රමණය වෙද්දීම ආසියාකරයේ දඟ පන්දු යවන්නන් අබුඩාබි හා සාජා තණතීරුවල පිඹිරුපත් කියවා ඇති බව නොහරසකි. ඉන්දියාව හා ශ්‍රී ලංකාවට වැඩි ගෞරව දිනාදුන් ආසියානු කුසලාන ඉතිහාසයේ අවසන් තරඟාවලි දෙකෙහිදීම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ හා පිතිකරුවන්ගේ විශාල කඩාවැටීම එම දත්ත තරමක් පළුදු කලේය.

කෙසේ නමුත් මෙවර ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු වැඩි වශයෙන් ඔවුන්ගේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග මත රඳා පවතිනු ඇත.

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා පිලේ අවස්ථා බොහෝ දුරට රඳා පවතින්නේ වනිඳු හසරංග මත බව මහේල ජයවර්ධනගේ මතය විය.එමෙන්ම ඔහු ජයග්‍රහණය කෙරෙහි තීරණාත්මක සාධකයක් වනු ඇති අතර මේ බව ඔහු කියා සිටියේ ICC සමඟින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ය.

“වනිඳු හසරංග ශ්‍රී ලංකාවට ප්‍රධාන සාධකයක්.ඔහු හොඳින් ක්‍රීඩා කළහොත් මුළු කණ්ඩායමම ඔහු වටා රොක් වෙනවා සියලු දෙනාම ඔවුන්ගේ ක්‍රීඩාවද ඒ මඟින් ඉහලට ඔසවා ගනීවි”

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුල වැඩිම අත්දැකීම් සහිත පන්දු යවන්නා හසරංග බව නොරහසක් නිමාව දුටු 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියද 2022 අබුඩාබි T 10 තරඟාවලියද මෙම තණතීරු මත ඔහු ක්‍රීඩා කල අතර අබුඩාබි T 10 තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ ඔහු එහිදී කඩුලු 21 ක් දඩයම් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7