Cricket NewsEXCLUSIVEILT20Match Review

කණ්ඩායම් කළමනාකාරීත්වයේ අදුරදර්ශී තීරණ හේතුවෙන් දසුන් ශානක, Sikandar Raza ප්‍රමුඛ Dubai Capitals කණ්ඩායම ILT20 තරඟාවලියෙන් ඉවතට.!

ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන “International T20 League” (UAE ILT20 2023) තරඟාවලියේ PLAY-OFF තරඟ වටය ඊයේ ආරම්භ වූ අතර මෙවර තරඟාවලියේ Eliminator තරඟය ලෙස ශ්‍රී ලංකා නායක දසුන් ශානක ක්‍රීඩා කරන Dubai Capitals කණ්ඩායම සහ MI Emirates කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් වාර්තා කරමින් අවසන් මහා තරඟයට තවත් පියවරකින් ලඟා වීමට MI Emirates කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් MI Emirates නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Dubai Capitals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Dubai Capitals කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 151ක් රැස් කිරීමට සමත් වුණා.

Dubai Capitals වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ George Munsey පන්දු 43කදී ලකුණු 51ක් වාර්තා කිරීමට සමත් වුනා. Sikandar Raza ලකුණු 38ක් රැස් කළ අතර Rovman Powell ලකුණු 30ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Trent Boult සහ Rashid Khan කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 152ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි MI Emirates පිතිකරුවන් පන්දුවාර 16.4ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 152ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

MI Emirates ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Andre Fletcher පන්දු 45ක් තුල වෙගවත් ලකුණු 68ක් රැස් කල අතර Nicholas Pooran පන්දු 36කදී ලකුණු 66ක් රැස් කළා.

පන්දු යැවීමේදී දසුන් ශානක සහ Jake Ball එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.ඒ අනුව MI Emirates කණ්ඩායම ඊයේ පැවති Qualifier 1 තරඟය පරාජය වූ Gulf Giants කණ්ඩායම සමග Qualifier 02 තරඟය ක්‍රිඩා කරන අතර එම තරඟයේ ජයග්‍රහයකයන් Desart Vipers කණ්ඩායම සමග අවසන් මහා තරඟයට පිවිසෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7