Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා පළමු පෙළ පිටියේ ශතක මැශිම, නිශාන් මදුෂ්ක එංගලන්ත Lions කණ්ඩායමට එරෙහිව අදත් විශිෂ්ට ශතකයක් රැස් කරයි.!

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි  පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේදී එංගලන්ත Lions කණ්ඩායමට එරෙහිව සිව්වැනි ඉනිමේදී සටනක් ලබාදිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලබා දීමේ අභියෝගය ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ කර මතට පැටවී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේදී සියලු දෙනා දැවී ලකුණු 356ක් රැස් කිරීමට සමත් වුවද එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලැබුන ඉලක්කය ලකුණු 277ක් ඒ පළමු ඉනිමේදී තිබූ ලකුණු 73 පරතරය හේතුවෙනි

මේ අතර අද උදෑසන කාල සීමාවේදී තරගයේ සිදුවූ සුවිශේෂීතම සිදුවීම වූයේ නිශාන් මදුශ්ක මෙවර තරග වාරයේ තෙවැනි ශතකය වාර්තා කිරීමට සමත්වීමය. පෙර දිනයේදී ලකුණු 84 ක් ලබා සිටි මදුශ්ක අද උදෑසන ජැක් කාසන් විසින් ක්‍රියාත්මක කරන ලද පළමු පන්දුවාරයේ පළමු පන්දු 3 ටම හතරේ පහර 3 ක්ද ඊළඟ පන්දුවට ලකුණකින් පැති මාරු කරමින් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

එය මෙම තරගාවලිය යටතේ ඔහු වාර්තා කරන ලද තෙවැනි ශතකයයි. මීට පෙර ඔහු Lions කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී නොදැවී ලකුණු 150 ක් සහ 1ක් ලකුණක්, පළමු සිව්දින තරගයේ පළමු ඉනිමේදී 1ක් ලකුණක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 241 ක් සහ මෙම තරගයේදී ලකුනු 22 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 100 ක් වශයෙන් ලකුණු රැස් කිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු මෙම තරගාවලියේ ඉනිම 6 කදී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 514 කි.

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7