Cricket NewsEXCLUSIVEIPLMatch Review

මෙතෙක් තරඟාවලියේ අපරාජිතව සිටි Gujarat Titans පරාජය කරමින් කේන් විලියම්සන්ගේ Sunrisers Hyderabad කඩුලු 8ක ජයක් වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 21වන තරගය ලෙස Gujarat Titans කණ්ඩායම සහ Sunrisers Hyderabad කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 8ක ජයක් හිමිකර ගැනීමට Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Sunrisers Hyderabad නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Gujarat Titans කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Gujarat Titans කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 162ක් රැස් කිරීමට සමත් වුණා.

Gujarat Titans වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ නායක Hardik Pandya පන්දු 42කදී ලකුණු 50ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 4ක් ඇතුලත් වුනා.\

Abhinav Manohar ලකුණු 35ක් රැස් කළ අතර Matthew Wade ලකුණු 19ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Bhuvneshwar Kumar සහ T. Natarajan කඩුලු දෙක බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 163ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Sunrisers Hyderabad පිතිකරුවන් පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 168ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Sunrisers Hyderabad ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Kane Williamson පන්දු 46ක් තුල වෙගවත් ලකුණු 57ක් රැස් කල අතර Abhishek Sharma ලකුණු 42ක් රැස් කළා.

පන්දු යැවීමේදී Hardik Pandya සහ Rashid Khan කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7