EXCLUSIVETrending Article

99.4%ක් වූ ඕස්ට්‍රේලියානු ජයග්‍රාහී ප්‍රතිශතය අවසන් පන්දුවාර තුන තුළ 0ට ඇද දැමූ දසුන් ශානකගේ ගිණිකෙළි සැණකෙළිය.!

මේක නිකන්ම නිකන් ජයග්‍රහණයක් නෙමෙයි, මේ ගැහුවෙ ⁣නිකන්ම නිකන් කණ්ඩායමකටත් නෙමෙයි.. මේ ගැහුවෙ ලෝක ශුරයන්ට.. මේ ජයග්‍රහණය එච්චරම වැදගත් වෙන්නෙ ඒකයි.

නිකන්ම දිනුමකටත් වඩා ලෝකෙ අංක එකේ ටීම් එකට රෙකොඩ් තියලා ගැහුවෙ..

ශ්‍රී ලංකා ඉණිමෙ පන්දුවාර 17කුත් පන්දු 3ක් අවසන් වෙනකොට ශ්‍රී ලංකාවේ ජයග්‍රාහි ප්‍රතිශතය තිබුනෙ 00.6%යි. ඒ කියන්නෙ ඕස්ට්‍රේලියාව දිනන්න 99.4%ක දැවැන්ත ඉඩක් ඒ වෙනකොට තිබුනා.

මැච් එක දිනන්න අන්තිම ඕවර්ස් තුනට ලකුණු 59ක් ඕනි. ඕසිලාගේ හොදම බෝලර් හෙසල්වූඩ් ලකුණු 3කට ඕවර්ස් තුනක් දාලා විකට්ස් දෙකකුත් අරන් හිටියේ..එයාටත් තව ඕවරයක් ඉතුරු වෙලා තියෙයි.

දසුන් ශානක බෝල 12කට ලකුණු 6යි ගහලා තිබුනේ..තනිකරම අපි මැච් එක පැරදිලා තිබුනේ..

හැබැයි අන්තිමට අපේ කොල්ලෝ දින්නා. දසුන් බෝල 25කින් ලකුණු 54ක් ගහලා මැච් එක දිනවනවා.

තාමත් හීනයක් වගේ..මුළු ඇගම හිරි වැටිලා ගියා..කෑ ගැස්සුනා දස්සා ගහපු ඒ අන්තිම හය දැකලා

ඒක නිකන්ම නිකන් ගැහිල්ලක් විතරක්ම නෙමේ ඉතිහාසගත ගැහිල්ලක්.

තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button