Cricket NewsEXCLUSIVEInternational

වසර හතක් පුරා සොයමින් සිටි තරඟ දිනවන්නා ! දසුන් ශානක නම් ප්‍රහාරාත්මක පිතිකරුවාගේ හොඳම වසර 2022 වසර බවට පත්වෙයි.

Dasun Shanaka stars as Sri Lanka post modest 146. - Newscutter.lk - Sri Lanka's Leading News Site | Breaking News Updates | Latest News Headlines

දසුන් ශානක නම් ප්‍රහාරාත්මක පිතිකරුවා මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයා දෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බොහෝ සෙයින් බලාපොරොත්තු තැබීය.දේශීය පිටියේ ශතකයක වාර්ථා වූ වැඩිම 6 පහර ගණනේ හිමිකරුවා වූ ශානකගේ එම ඉනිම ඔහු පිලිබඳව දීර්ඝ සැලසුම් කරා යන්නට ක්‍රිකට් ආයතය පෙළඹවීය.

මීට වසර 7 කට පෙර පකිස්තානයට එරෙහිව ශානක විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනාගත්තේය.එතැන් පටන් තම පළමු අර්ධ ශතකය වා‍ර්ථා කරන්නට ඔහුට තවත් වසර දෙකක් තුල තරඟ 15 ක් ගත කරන්නට සිදුවිය.2018 වසරේ බංග්ලාදේශයට එරෙහිව සාර්ථක තරඟාවලියක් ශානක හමාර කලේය නමුත් ඔහුගේ 58 වන විස්සයි විස්ස තරඟය දක්වා ඉනිම් 54 කදී ශානක සාර්ථක වූ අවස්ථා ගනණ අතේ ඇඟිලි ගනන් තරම් අල්ප විය.ඒ වන විට ඔහුගේ විස්සයි විස්ස සාමාන්‍ය 16 ක් වූ අතර ප්‍රහාරක වේගය 106 කි.

IND vs SL: Why Sri Lankan captain Dasun Shanaka is happy even after losing the T20 series against India - Edules

ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් පකිස්තානු සංචාරය ප්‍රතික්ෂේප කරද්දී 2019 වසරේ ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය ශානකට පැවරුණි.නමුත් ඔහුට විස්සයි විස්ස වරම් හිමි කර දෙද්දී අපේක්ෂා කල තරම් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් සාර්ථක වී නොතිබුණි.ඒ වන විට විස්සයි විස්ස තරඟ 30 දී ලකුණු 360 ක් රැස් කර තිබුණේ ලකුණු 15 ක සාමාන්‍යකින් හා 116 ක ප්‍රහාරක වේගයකින් විය.

නායකත්වයට පත් වීමෙන් පසු එතැන් පටන් විටින් විට නායකත්වය වෙනස් වද්දී ද තරඟ 28 දී ශානක තවත් ලකුණු 655 ක් තම නම ඉදිරියේ සටහන් කරගත්තේය.එම කාල සීමාව තුලදී ශානක තම දත්ත පෙර අවස්ථාවන්ට වඩා ඔසවා ගන්නට සමත් වූ අතර ඔහුගේ සාමාන්‍ය 27 ක් ලෙස සටහන්ව තිබුණි.

ශානකගේ වසර 7 කට ආසන්න විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ සාර්ථකම වසර 2022 වසර බවට ඔහු පත් කරගත්තේය.ජගත් විස්සයි විස්ස පිටියේ මේ වසරේ මේ දක්වා ශ්‍රි ලංකාව වෙනුවෙන් දෙවන වැඩිම ලකුණු ලාභියා වෙමින් මේ වසරේදී ඔහු විස්සයි විස්ස තරඟ 11 කට ක්‍රීඩා කලේය.එහිදී ලකුණු 308 ක් රැස් කරන්නට සමත් වූයේ ලකුණු 44 ක සාමාන්‍යක් රඳවාගනිමිනි.ඔහුගේ ප්‍රහාරක වේගයද 150 කට ආසන්න අගයක විය.

Pleasing to win a series but we have bigger challenges ahead: Dasun Shanaka | Daily FT

2015 සිට 2022 දක්වා කාලයේදී ශානක තරඟ 57 කදී ලකුණු 30 ඉක්මවා රැස් කලේ අර්ධ ශතක දෙකක්ද සමඟින් අවස්ථා 5 දී පමණි.කෙසේ නමුත් මේ වසරේදී අර්ධ ශතක දෙකක් ( 74* ඉන්දියාවට එරෙහිව,54* ඔස්ට්‍රේලියාවට එරෙහිව),ලකුණු 30 ඉක්මවා අවස්ථා 4 කදී ද රැස් කරගෙන තිබේ (34 ඔස්ට්‍රේලියාවට එරෙහිව,39 ඔස්ට්‍රේලියාවට එරෙහිව,35 ඔස්ට්‍රේලියාවට එරෙහිව, 47* ඉන්දියාවට එරෙහිව ).

දේශීය පිටියේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙසින් සාර්ථක ශානක හට එම රිද්මය ජාත්‍යන්තර පිටියට ගෙන එන්නට වසර 7 ට ආසන්න කාලයක් බලා සිටින්නට සිදුවිය .කණ්ඩායමේ නායකත්වය හෙබවීම පමණක් කණ්ඩායමේ රැඳෙන්නට ඔහුට තිබූ එකම සාදකය යැයි කියමින් සමාජ මාධ්‍ය තුල “පිං කැපා” ලෙස ශානක ප්‍රකට වී තිබුණි.නමුත් මේ වසරේදී ඔහු ඒ සියල්ලට විශාල කණේ පහරක් එල්ල කලේය.

Dhananjaya de Silva And Wanindu Hasaranga Bailed Us Out: Dasun Shanaka

ශානක සැලකිය යුතු මට්ටමේ අඩු ආයාසයකින් වේගවත් පරහවල් කරා යා හැකි පිතිකරුවෙකි.දේශීය පිටියේදී එය ඔහු වඩාත් හොඳින් පෙන්නුම් කල අතර ඔහුට එය ජාත්‍යන්තර් පිටියට ගෙන ඒමේ ගැටලුව තිබුණි.නමුත් දසුන් මෙම රිද්මය අඛණ්ඩව පවත්වා ගන්නේ නම් එය ලෝක කුසලාන තරඟාවලියට විශාල සහයක් වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button