Cricket NewsEXCLUSIVEInternationalMatch Review

ඉන්දීය පන්දු යවන්නන් අසරණ කල David Millerගේ සහ Rassie van der Dussen ගේ සුපිරි පිතිකරණය හේතුවෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 7ක විශිෂ්ට ජයක්.!

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් අද පැවති පළමු විස්සයි-20 තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අද සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 211 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

එහිදී ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ආරම්භක පිතිකරු Ishan Kishan පන්දු 48 ක් තුල වේගවත් ලකුණු 76ක් රැස් කිරීමට සමත් වුණා.

මේ අතර ඉන්දීය ඉනිමේ අවසන් භාගයේ දී පිටියට පිවිසි Hardik Pandya පන්දු 12ක් තුළ වේගවත් ලකුණු 31ක් රැස්කළ අතර පන්දු යැවීමේදී Keshav Maharaj, Anrich Nortje, Wayne Parnell සහ Dwaine Pretorius එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වුනා.

ඒ අනුව් ලකුනු 212ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා පිතිකරුවන් පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 212ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

දකුණු අප්‍රිකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Rassie van der Dussen පන්දු 46ක් තුල වෙගවත් ලකුණු 75ක් රැස් කල අතර ඊට නොදෙවැනි වේගවත් ඉනිමක් දියත් කල David Miller පන්දු 31 කදී ලකුණු 64ක් රැස් කළා. පන්දු යැවීමේදී Harshal Patel, Axar Patel සහ Bhuvneshwar Kumar එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වුනා.

ඒ අනුව 1-0ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ගැනීමට ද දකුණු අප්‍රිකාව සමත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button