Cricket NewsEXCLUSIVEInternational

කෝලිගෙ මොලේ කරවෙලා ! ඔහුට මාස දෙකක හෝ එකහමාරක විවේකයක් අවශ්‍යයි – හිටපු ඉන්දීය ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රි

Former Australia batsman shares his views on Ravi Shastri – Virat Kohli partnership in Indian cricket

හිටපු ඉන්දීය නායක විරාට් කෝලි ලකුණු අතරට නොපැමිනීම ජාත්‍යන්තරය පුරාවට විශාල පුවත් මවන්නක් විය.වසර තුනකට අධික කාලයක් කෝලිගේ පිත්තෙන් ශතකයක් වාර්තා නොවීම නූතන යුගයේ විශිෂ්ඨතම පිතිකරුවාගේ කිරුල ඔහුගෙන් ගලවා දැමීය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් පිටියේ වැඩිම ලකුණු ලාභියා මෙන්ම ශතක ලාභියාද වන විරාට් කෝලි බැංග්ලෝරය වෙනුවෙන් ඉනිම් 7 කදී අර්ධශතයක් ලබාගැනීමට අපොහොසත් විය.වසර 5 කට පසු අයිපීඑල් පිටියේදී කෝලි පළමු පන්දුවෙන්ම දැවී යාම විශාල මාතෘකාවක් වූයේ කෝලිගේ කඩාවැටීමේ දරුණු පැතිකඩ පෙන්නුම් කරමිනි.

IPL 2018: Deeply sorry for RCB's failures: Virat Kohli - myKhel

ජීව බුබුලු තුළ ක්‍රීඩකයින් සීමා කර ඇති COVID-19 සීමාවන් මධ්‍යයේ විරාත් කෝලි වැනි ක්‍රීඩකයින් ප්‍රවේශමෙන් සහ මනා සංවේදනයකින් යුතුව හැසිරවිය යුතු බව ශාස්ත්‍රි ප්‍රකාශ කරේ විරාට් ගේ පසුබෑම පිළිබඳව දැඩි ලෙස කනස්සල්ලට පත්වෙමිනි.

“මම කෙලින්ම යන්නෙ මෙතන ඉන්න ප්‍රධාන පුද්ගලයා ළඟට. විරාත් කෝලි හොඳටම තැම්බිලා . කාට හරි විවේකයක් අවශ්‍ය නම් ඒ එයා තමයි,” ශාස්ත්‍රි ස්ටාර් ස්පෝර්ට්ස් වෙත අදහස් දක්වමින් පැවසීය.

“එය මාස 2 ක් හෝ මාස එකහමාරක් හෝ වේවා, එය එංගලන්ත සංචාරයට පසුව පෙර වේවා, ඔහුට විවේකයක් අවශ්‍යයි. ඔහු තුළ වසර 6-7 ක ක්‍රිකට් ඉතිරිව තියනවා. එය නැති කර ගැනීමට අවශ්‍ය හැහැ.කෝලිගෙ මොලය කරවෙලා”ශාස්ත්‍රි පැවසුවේ ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩකයන් එක් අයෙකු හෝ දෙදෙනෙකු එකම ගැටලුවකට මුහුණ දිය හැකි බවත් එය කල්තියා විසඳා ගත යුතු බවත්ය.

An emotional Virat Kohli walks off the field after India failed to make it to the final | Photo | World T20 | ESPNcricinfo.com

හිටපු එංගලන්ත නායක කෙවින් පීටර්සන් ශාස්ත්‍රීගේ මතය මත පිහිටා සිටින බවක් පෙනෙන්නට තිබේ.ඔහු පැවසුවේ කෝලි ක්‍රීඩාවෙන් මෙන්ම සමාජ මාධ්‍යවලින්ද ඈත්ව වෙන්කර තමාව පුනර්ජීවනය කර ගත යුතු බවයි. නැවත නැගී සිටිය යුතු බවයි.

Virat Kohli pens emotional message for his teammates, fans after India's World T20 exit | Sports News,The Indian Express

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button