Cricket NewsEXCLUSIVE

කවදත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරන David Warner දුෂ්මන්ත චමීර යැවූ තරඟයේ තෙවන පන්දුවාරයේදීම දැවී යයි.!

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන එක්දින තරගය අද (19) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහනය කල ඕස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර ඒ අනුව මේ වන විට ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පිටියට පිවිස සිටිනවා.

මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කවදත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරන පිතිකරුවකු ලෙස සැලකෙන ඕස්ට්‍රේලියානු පිතිකරු David Warnerව සිය දෙවන පන්දු වාරයේදීම දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සමත් වුනා.

David Warner දැවී යන විට හතරේ පහර දෙකක් සමග ලකුණු 9ක් රැස් කරගෙන සිටි අතර David Warner දුෂ්මන්ත චමීර යොමු කල තරඟයේ 2වන පන්දුවාරයේ තෙවන පන්දුවට මහිෂ් තීක්ෂණ අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා.

David Warner දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button