Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ඓතිහාසික තරඟය ඇරඹේ – නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට.!

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන එක්දින තරගය අද (19) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මෙම තරඟය ඉතිහාස ගත වන්නේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 100 වන ජාත්‍යන්තර එක්දින තරගය ලෙසටයි. දෙරට අතර පළමු වරට එක්දින තරගයක් පවත්වා ඇත්තේ 1975 වසරේ ජුනි 11 වැනිදා වන අතර එම තරගය එංගලන්තයේ ලන්ඩන් නුවර කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මේ දක්වා පවත්වා තිබෙන තරග 99න් තරග 62ක් ජය ගැනීමට ඕස්ට්‍රේලියානුවන් සමත්ව ඇති අතර ශ්‍රී ලංකාව ජයගෙන ඇති තරග ගණන 33ක් වනවා.

මේ අතර මේ වන විට පැවැත්වෙන තරඟ 5කින් සමන්විත එක්දින තරගාවලියේ කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන මේ වනවිට 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවනවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහනය් කල ඕස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර ඒ අනුව මේ වන විට ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පිටියට පිවිස සිටිනවා.

අද තරඟයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකෙහි සංචිත පහතින්

Sri Lanka 1 Niroshan Dickwella (wk), 2 Pathum Nissanka, 3 Charith Asalanka, 4 Kusal Mendis, 5 Dhananjaya de Silva, 6 Dasun Shanaka (capt), 7 Chamika Karunaratne, 8 Dunith Wellalage, 9 Dushmantha Chameera, 10 Jeffrey Vandersay, 11 Maheesh Theekshana

Australia 1 David Warner, 2 Aaron Finch (capt), 3 Mitchell Marsh, 4 Marnus Labuschagne, 5 Alex Carey (wk), 6 Travis Head, 7 Glenn Maxwell, 8 Cameron Green, 9 Jhye Richardson, 10 Matthew Kuhnemann, 11 Josh Hazlewood

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7