Cricket NewsEXCLUSIVE

කවදත් ශ්‍රී ලංකාවට දැඩි හිසරදයක් වන David Warner මහිෂ් තීක්ෂණගේ කැරම් පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී යයි.!

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය අද (14) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුවා.

අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 300ක් රැස් කිරීමට සමත් වුනා.

අනතුරුව ලකුණු 301ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරණ යුගල වූයේ David Warner සහ Aaron Finchය. එයින් David Warnerසැලකෙන්නේ කවදත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඉතා හොඳින් පහර දෙන හිසරදයක් වන මට්ටමේ පිතිකරුවෙක් ලෙසටයි.

කෙසේ නමුත් එම සුපුරුදු දස්කම් අද තරඟයේදී David Warner දැක්වීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහිෂ් තීක්ෂණ ඉඩ ලබා දුන්නේ නැහැ. මහිෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ අද David Warner ලකුණු නොලබා දැවී ගියා.

David Warner දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button