Cricket NewsEXCLUSIVE

පිට පිටම පන්දු දෙකකදී වනිඳුට හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කළ Marcus Stonis වනිඳුගේ තෙවැනි පන්දුවට දැවී යයි.!

පිට පිටම පන්දු දෙකකදී වනිඳුට හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කළ Marcus Stonis වනිඳුගේ තෙවැනි පන්දුවට දැවී යයි.!

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය අද (14) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුවා.

අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 300ක් රැස් කිරීමට සමත් වුනා.

අනතුරුව ලකුණු 301ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා මේ වන විට ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පිටියට පිවිස සිටිනවා.

මේ අතර ඕස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Marcus Stonisව දවා ගැනීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත් වුනා. කෙසේ නමුත් Marcus Stonis දැවී යාමට පෙර පන්දු දෙකට පිලිවෙලින් හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කිරීමට සමත් වූ අතර තෙවන පන්දුවේදී ඔහු දැවී ගියා.

දැවී යන විට Marcus Stonis පන්දු පන්දු 31 තුල ලකුණු 44ක් රැස් කර ගෙන සිටියා.

වනිඳුගේ පන්දුවක් හමුවේ Marcus Stonis දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button