Cricket NewsEXCLUSIVE

ක්‍රීඩා අමාත්‍යංශයෙන් සුපිරි තීරණයක් – ක්‍රිකට් ඇතුළු සියලු ක්‍රීඩාවල “ක්‍රීඩක කලමණාකරුවන්” නියාමනය කිරීමට තීරණය කරයි.!

අවසන් මාස කිහිපය තුල ක්‍රිකට් හා අනෙකුත් ක්‍රීඩාවන් රැසකගේ ඉහළ ගුණාත්මක බවක් අපේක්ෂා කරමින් ක්‍රීඩක කළමණාකරුවන් කෙරෙහි වැඩි අවධානයකට ලක් වුනා.

කෙසේ නමුත් මෙහි අවසන් ප්‍රථිපලය ලෙස තීරණය කර තිබෙන්නේ ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩක කළමණාකරුවන් නියාමනය කිරීමකට ලක් කිරීමටය.

ඒ අනුව ක්‍රීකට් ඇතුළු ක්‍රීඩාවන් හී නිරත ක්‍රීඩකයින්ගේ පුද්ගලික කළමණාකරුවන් නියාමනය කිරීමට ඉදිරි කාලය තුලදී කටයුතු කිරීමට නියමිතය.ඒ එම ක්‍රීඩක කලමණාකරුවන් ක්‍රීඩා අමාත්‍යශයේ ලියාපදිංචි කරමිනි.

ඊට අමතරව ඔවුන් කලමණාකරනය කරනු ලබන ක්‍රීඩාවේ මව් සංගමේද ලියාපංදි වන්නට ඔවුන් හට සිදු වනු ඇත.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හා ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ ක්‍රීඩා අමාත්‍යශයේදී පැවැත් වුණි.

මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ ‍සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී දොලවත්ත, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ද සහභාගි විය.

මෙහිදී රැස්ව සිටි කමිටුව වෙතට ක්‍රීඩා අමාත්‍ය වරයා උපදෙස් ලබා දී තිබුනේ විදෙස් රටවලින් පැමිණෙන ක්‍රිකට් කණ්ඩායම් සදහා විනිසුරුවරුන් පත් කිරීමේ බලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ එම ආයතනය නම් කරන බලයලත් විනිසුරු සංගමයකට පැවරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමටය.

ක්‍රීඩා සංචාරක (Sports Tourism) යටතේ ක්‍රීඩාවේ ගුණාත්මක භාවය රැක ගැනීමට හා පැමිණෙන සංචාරක ක්‍රීඩකයින්ට වඩා හොද සේවාවක් සැළසීම අරමුණු කරගනිමින් නව නීති සම්පාදනයටයි ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7