Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පන්න පන්නා පහර දුන් පකිස්තානුවන් යොවුන් ලෝක කුසලාන තරඟ බිමේ දැවැන්තම ලකුණු පුවරුවක් ගොඩ නගයි.!

වයස 19 පහළ ලෝක කුසලාන එක්දින තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා.

එම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය මේ වට විට අවසන් වී ඇති අතර දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පසුගියදා අර්ධ අවසන් පූර්ව වටයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව ලැබූ ලකුණු 4ක පරාජයත් සමඟ ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමිව ගියා.

කෙසේ නමුත් ⁣ලෝක කුසලානයේ 5වන ස්ථානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම තරඟ බිමට පිවිසියා.

තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සදහා පකිස්ථාන කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායම ලකුණු 365 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කරමිනි.

විශිෂ්ට පිතිකරනයක නිරත වූ Hassebullah Khan ලකුණු 136ක් රැස්කිරීමට සමත්වූ අතර ඔහුගේ ඉනිමට දැවැන්ත 6 පහරවල් දෙකක් සහ හතරේ පහරවල් 9ක් ඇතුළත් වුණා.

නායක Quasim Akram පන්දු 80ක් තුළ වේගවත් ලකුණු 135 ක් රැස්කිරීමට සමත්වූ අතර ඔහුගේ වේගවත් තිබීමට දැවැන්ත හයේ පාරවල් 6ක් සහ හතරේ පහරවල් 13ක් ඇතුළත් වුණා.

මොහොමඩ් ෂෙසාඩ් ලකුණු 73ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ විසින් කඩුලු 2ක් බිඳ හෙලූ අතර රවීන් ද සිල්වා එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 366 ක අති දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමේ අරමුණෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරණ යුගලය ක්‍රීඩාපිටියට පිවිසීමට නියමිතය.

තරගයේ සජීවී ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button