Cricket NewsEXCLUSIVEIPL

දසුන් ශානකටත් IPL දොරටු විවර කරමින් Delhi Capitals විසින් දසුන්ව සිය කණ්ඩායමට එක් කර ගැනීමට සැරසෙයි.!

නිමාව දුටු විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි දස්කම් දැක්වීමට සමත් වූ මිචෙල් මාශ් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟින් ගිවිසුම් ගත විය.

තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස මිචෙල් මාශ් ඉදිරි පෙල පිතිකරණයේ යෙදිය හැකි ප්‍රහාරාත්මක පිතිකරුවෙකි.

පුහුණුවීම් අතරතුර උකුල් ඇටයේ ආබාධයකට ලක්වූ මාශ් වෙනුවට කැමරන් ග්‍රීන් ඔස්ට්‍රේලියානු සංචිතය්ට එක්වීමට නියමිත අතර මෙවර දිල්ලි කැපිටල්ස් කළමණාකාරීත්වය නිවේදනය කරමින් කියා සිටියේ තමන්ගේ ඉදිරිපෙල තුන් ඉරියව් ක්‍රීඩකයා හට 2022 තරඟ වාරය අහිමි වනු ඇති බවය.

තවමත් ආදේශනයක් නම් නොකල දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තුන් ඉරියව් ක්‍රීඩකයින් තිදෙනෙකු පිලිබඳව අවධානයෙන් සිටින බව සඳහන්. ශ්‍රී ලංකා නායක දසුන් ශානක, ඩේවිඩ් වීසේ සහ බෙන් කටිං පිළිබඳව එසේ ඔවුන් අවධානයෙන් සිටින බව ඉන්දීය ප්‍රසිද්ධ පුවත් සේවාවන් රාශියක් සඳහන් කර තිබුණි.

ඒ අතුරින් ශානක පිළිබඳව වඩාත් අවධානයක් යොමුව ඇති අතර ඊට හේතුව වනුයේ මීට මසකට පමණ ඉහතදී පැවැත්වූ ඉන්දු ලංකා විස්සයි විස්ස තරඟාවලියේදී ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව හොදින් ලකුණු අතරට පිවිසෙන්නට ශානක සමත් වීමය.

ඉන්දීය තණතීරු තුලදී දසුන් හට යමක් සිදු කිරීමට හැකියාව පවතින බව අවසන් තරඟාවලියේදී ඔහු පෙන්නුම් කිඉමට සමත් වුනා.

ප්‍රවීණ විස්තර විචාරක ආකාශ් චොප්රාද දසුන් ශානක පිළිබඳව අදහස් දක්වමින් මීට පෙර කියා සිටියේ කුමන හෝ කණ්ඩායමක් ඉන්දීය කණ්ඩායමට එරෙහිව දැක්වූ එම දස්කම් මත පදනම් ව ඔහුව මිලදී ගන්නේ නම් එය අගනා තේරීමක් වනු ඇත කියාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7