Cricket NewsEXCLUSIVEInternational

ටෙස්ට් ජයග්‍රහණය සියයක් ලැබූ ආසියානු කණ්ඩායම වීමේ අරමුණින් ශ්‍රී ලංකාව අනිද්දා තරඟ බිමට !

ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ ලද ඉහළම ටෙස්ට් ජයග්රහණය ඉකුත්දා අයර්ලන්තයට එරෙහිව වාර්ථා කරන්නට ශ්රී ලංකා ක්රීඩකයෝ සමත් වූ අතර එය වාර්ථා අතරට එක් වූයේ ශ්රී ලංකා කණ්ඩායම ජයගත් අනූනවවැනි ටෙස්ට් ජයග්රහණය ලෙසටයි.
අයර්ලන්තයට එරෙහිව අනිද්දා ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරඟය ශ්රී ලංකා කණ්ඩායම ජයග්රහණය කලහොත් එය වාර්ථා අතරට එක්වනුයේ ශ්රී ලංකා කණ්ඩායමට ජයගත් සියවැනි ටෙස්ට් තරඟය ලෙසටයි. එසේම එම තරගය ශ්රී ලංකා පිල ජයගතහොත් ටෙස්ට් තරග 100 ක් ජයගැනීම සදහා අඩුම තරග සංඛ්යාවක් වැය කල ආසියානු කණ්ඩායම ලෙස ශ්රී ලංකාව වාර්තා අතරට එක්වනු ඇත.
එමෙන්ම ලොව සෙසු ටෙස්ට් ක්රීඩා කරන රටවල් කිහිපය අතරින් අඩුම තරඟ ගණනකින් ටෙස්ට් ජයග්රහණය සියය වාර්ථා කල කණ්ඩායම් අතර පස්වැනි තැනට පත් වීමටද ශ්රී ලංකා කණ්ඩායමට හැකි වනු ඇත. ටෙස්ට් වරම් ලැබූ දින සිට ශ්රී ලංකා කණ්ඩායම මේ දක්වා ටෙස්ට් තරඟ 310 ක් දක්වා සහභාගී වී ඇති අතර ඉන් තරඟ 99 ක් ජයගෙන තිබේ. ඇති අතර තරග 119 ක් පරාජයට පත් වී ඇත. එමෙන්ම තරග 92 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
32
+1
89
+1
26
+1
23
+1
15
+1
10
+1
8

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button