Cricket NewsEXCLUSIVEIPLPremier League

දිල්ලි මුම්බායි උණුසුම් සටනෙන් දිල්ලියට ලකුණු 10ක ජයක් – මුම්බායි තරගාවලියෙ අසීරු අඩියක.

ජේක් ෆාසර් මැක්’ගර්ක් (84) සහ ටි්‍රස්ටන් ස්ටබ්ස් (නොදැවී 48) දෙදෙනාගේ ප්‍රහාරාත්මක පිතිහරඹය නිසාම නවදිල්ලියේදී අද පැවැති අයි.පී.එල්. තරගයේදී දිල්ලි කැපිටල්ස් ක්‍රීඩකයෝ ලකුණු 10 ක තියුණු ජයක් අත්කර ගත්හ. ලකුණු 258 ක ඉලක්කයක් කරා ගිය මුම්බායි පිතිකරුවන් ජයටැඹ පෙනෙන මානයටම පැමිණි නමුත් අවසන් ඕවරයේදී කඩුලු දෙකක් දවාගත් මුකේෂ් කුමාර්, මුම්බායි පිතිකරුවන්ගේ ගමන ජයග්‍රහණයට ලකුණු 10 ක් මෑතින් නතර කරගත්තේය. 

මුම්බායි ඉන්දියන්ස් පන්දු යවන්නන්ට රිදෙන්නම තැලූ දිල්ලි කැපිටල්ස් ක්‍රීඩකයෝ ඕවර 20 කින් ලකුණු 257 ක් ලබාගත්හ.

මුම්බායි පිල වෙනුවෙන් නුවන් තුෂාර යැවූ ඕවර 4 න් ලකුණු 56 ක් උදුරා ගැනීමෙන් පසුව ඔහු කණ්ඩායමෙන් ඉවත් කර ඒ වෙනුවට පිතිකරු සූර්යකුමාර් යාදව් ආදේශ කරන ලදි. එහෙත් පන්දු 13 කට මුහුණ දුන් සූර්යකුමාර් යාදව් ලකුණු 26 කට දැවී ගියේය. එතැන් සිට එක්වූ නායක හර්දික් පාණ්ඩ්‍යා (46) සහ තිලක් වර්මා (63) එක්ව පන්දු 39 කින් ලකුණු 71 ක් එකතු කරමින් මුම්බායි කණ්ඩායම නැවතත් තරගයට ඇදගෙන ආහ.

18 වැනි සහ 19 වැනි ඕවර දෙකේදී පන්දු 12 කින් ලකුණු 39 ක් උදුරාගත් නමුත් තරගය ජයගැනීමට නම් අවසන් ඕවරයේ පන්දු 6 න් ලකුණු 25 ක් අවශ්‍ය විය. එහෙත් අවසන් ඕවරයේදී මුම්බායි පිලට ලබාගත හැකිවූයේ ලකුණු 14 කි. එම ඕවරයේදී කඩුලු දෙකක් බිඳ වැටීම නිසා ලකුණු ලබාගැනීමේ අවස්ථාව අහිමි විය.

අතිරේක ක්‍රීඩකයා ලෙසින් දිල්ලි පිලට එක්වූ රාසික් සලීම් ඉතාමත් අගනා පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 34 කට කඩුලු 3 ක් දවාගත්තේය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2024 අයි.පී.එල්. තරගාවලියේ තරග 9 කදී ලද 6 වැනි පරාජය මෙයයි. මේ වන විට අයි.පී.එල්. ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයට ඇද වැටී සිටින මුම්බායි ඉන්දියන්ස් පිල, තරගාවලියේ ඉදිරි ගමන සම්බන්ධයෙන් මහත් අසීරු තත්ත්වයකට මුහුණ දී සිටී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button