Dewald Brevis ගේ විශිෂ්ඨ ඉනිම හමුවේ සත්කාරක ශ්‍රී ලංකා A කණ්ඩායම පසු බසී-නිශාන්,ජනිත් හා සඳකැන් සුපිරි දස්කම් අතරට !
සංචාරක දකුණු අප්‍රිකානු A කණ්ඩායමේ මෙරට තරඟ සංචාරය ආරම්භ කරමින් අද පළමු එක්දින තරඟය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත් විණි.තරඟයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු A කණ්ඩායම් නායක Tony De Zorzi සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින්ම පන්දුවට පහර දෙන්නට ආරාධනා කලේය.
ඒ අනුව මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි ශ්‍රී ලංකා A කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසන් කලේ කඩුලු 8 ක් දැවී ලකුණු 264 ක් ලබාගනිමින්.ඉනිමට අගනා ආරම්භයක් ලබාදුන් නිශාන් මදුශ්ක ලකුණු 62 ක් රැස් කලේ හතරේ පහර 8 ක් ද සමගින්.මැදපෙල සවිමත් කරමින් අශේන් බණ්ඩාර හා ජනිත් ලියනගේ අතර අගනා සබඳතාවක් ගොඩනැගුණු අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජනිත් ලියනගේ ලකුණු 76 ක් හා අශේන් බණ්ඩාර ලකුණු 41 ක් රැස් කලේය.
පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු A කණ්ඩායම වෙනුවෙන් Lutho Sipamla කඩුලු 3 කට හිමිකම් කීවේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 265 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු A කණ්ඩායම පන්දුවාර 41 කුත් එක් පන්දුවක් අවසානයේදී කඩුලු 6 ක් පමණක් දැවී ලකුණු 268 ක් ලබාගනිමින් නියමිත ඉලක්කය පසු කර ගියේය.විශිෂ්ඨ ඉනිමක් දියත් කල යොවුන් ක්‍රීඩක Dewald Brevis පන්දු 71 කදී නොදැවී ලකුණු 98 ක් රැස් කල අතර ඔහුගේ ඉනිම හතරේ පහර 6කින් හා හයේ පහර 7කින් වර්ණවත් විය.ඔහුට අගනා සහයක් වෙමින් Beyers Swanrpoel පන්දු 28 කදී ලකුණු 43 ක් නොදැවී රැස් කරගනිමින් දකුණු අප්‍රිකාණු A කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වීය.
පන්දුයැවීමේදී ශ්‍රීලංකා කණ්ඩායම වෙනුවෙන් ලක්ෂාන් සඳකැන් හා ඩිල්ශාන් මදුශංක අතර කඩුලු දෙක බැගින් බෙදී ගියේය.
ඒ අනුව දෙරට අතර පළමු නිල නොවන එක්දින තරඟය කඩුලු හතරකින් ජයගනිමින් තරඟාවලියේ පෙරමුණේ පසුවන්නේ සංචාරක දකුණු අප්‍රිකානු A කණ්ඩායමයි !