Cricket NewsEXCLUSIVE

ධනංජය ද සිල්වා යොමු කල පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී David Warner දැවී යයි – ශ්‍රී ලංකාවට තවත් බලාපොරොත්තුවක්.!

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරඟය අද (16) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුවා.

අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායක Aaron Finch ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 47.4ක් අවසනයේ කඩුලු 9ක් දැවී ලකුණු 220ක් රැස් කරගෙන සිටින විට වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරඟය නතර කළ අතර අනතුරුව නැවතත් තරඟය ආරම්භ වෙයේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 43ක් ඇතුලත ලකුණු 216ක ඉලක්කයක් ලබා දෙමිනි.

ලකුණු 216ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිස සිටින ඕස්ට්‍රේලියානු පිතිකරුවන් මේ වන විට පිතිකරණයේ යෙදෙන අතර ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු David Warner සැලකෙන්නේ කවදත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඉතා හොඳින් පහර දෙන හිසරදයක් වන මට්ටමේ පිතිකරුවෙක් ලෙසටයි. එම David Warnerව දවා ගැනීමට මහිෂ් තීක්ෂණ යොමු කල පන්දුවක් හමුවේ පැමිණි අවස්ථාවක් අවාසනාවන්ත ලෙස අහිමි වී ගියා.

කෙසේ නමුත් එම අවාසනාව තවත් පන්දුවාර දෙකක් යාමට මත්තෙන් නිමා කල ධනංජය ද සිල්වා David Warnerව දවා ගැනීමට සමත් වුනා. David Warner දැවී යන විට ලකුණු 37ක් ලබා ගෙන සිටි අතර ධනංජය ද සිල්වා යොමු කල පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී David Warnerදැවී ගියා.

ධනංජය ද සිල්වා යොමු කල පන්දුව හමුවේ David Warner දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button