Cricket NewsEXCLUSIVE

පළමු එක්දින තරඟයේ ජයග්‍රහනය ශ්‍රී ලංකාවෙන් උදුරාගත් Glenn Maxwell චාමික කරුණාරත්න හමුවේ දැවී යයි.!

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරඟය අද (16) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුවා.

අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායක Aaron Finch ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 47.4ක් අවසනයේ කඩුලු 9ක් දැවී ලකුණු 220ක් රැස් කරගෙන සිටින විට වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරඟය නතර කළ අතර අනතුරුව නැවතත් තරඟය ආරම්භ වුයේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 43ක් ඇතුලත ලකුණු 216ක ඉලක්කයක් ලබා දෙමිනි.

ලකුණු 216ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිස සිටින ඕස්ට්‍රේලියානු පිතිකරුවන් මේ වන විට පිතිකරණයේ යෙදෙනවා මේ අතර පළමු එක්දින තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් උදුරාගත් Glenn Maxwellව මෙම තරඟයේ දී දවා ගැනීමට චාමික කරුණාරත්න සමත් වුනා.

Glenn Maxwell දැවී යන විට ලකුණු 30ක් ලබා ගෙන සිටි අතර චාමික කරුණාරත්න යොමු කල පන්දුවට Maxwell එල්ල කල උඩ පන්දුව දසුන් ශානක රැක ගනු ලැබුවා.

චාමික කරුණාරත්න යොමු කල පන්දුව හමුවේ Glenn Maxwell දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button