Cricket NewsEXCLUSIVE

“මම හිතනවා වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කල යුතුයි” – ඉන්දීය ප්‍රවීණ ක්‍රීඩා විස්තර විචාරක හර්ශ බෝගල්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ සංයුතිය පිලිබඳව අදහස් දක්වමින් ප්‍රවීණ ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරයකයෙකු වන හර්ෂ බෝගල් ට්විටර් පණිවුඩයක් තැබීය .

එහිදී ශ්‍රී ලංකාව සතු වේගපන්දු යවන්නන් පිලිබඳව මෙන්ම ඔවුන්ට අවශ්‍ය තණතීරු රට තුල නිර්මාණය කල යුතු බවත් පවසා සිටියේය . ඊට අමතරව වනිඳු හසරංග ටෙස්ට් ක්‍රීඩා කල යුතු බවද ඔහු සඳහන් කර සිටියා .

සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තැබූ ඔහු කියා සිටියේ ” සුරංග ලක්මාල් හොඳ ගුණාත්මක පන්දු යවන්නෙක් නමුත් රට තුලදී චමීර සමගින් පන්දු යවන්නට ලැබෙන්නේ නැති තරම්.ශ්‍රී ලංකාව සතුව හොඳ ගුණාත්මක වේගපන්දු සංයෝජයනක් තියනවා. ඔවුන් සඳහා අවශ්‍ය තණතීරු රට තුල සකස් කල හැකියි .වනිඳු හසරංගගෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ගැන ඔහුගේ අදහස් විමසීමට කැමැත්තෙන් ඉන්නවා . මම හිතන්නේ ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කල යුතුයි ” යනුවෙනි .

මීට පෙර දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව වනිඳු හසරංග ටෙස්ට් වරම් දිනාගත් නමුත් පන්දු යවන්නෙකු ලෙස සාර්ථක වන්නට නොහැකි වූ මුත් පිතිකරුවකු ලෙස සාර්ථක වන්නට ඔහු හට අවකාශය ලැබුණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button