Cricket NewsEXCLUSIVEInternational

බංගලාදේශ ස්ලිප් ක්‍රීඩකයාට පන්දු රකින අතරමග නින්ද ගියාද ? – රැක ගැනීමට ඉතා පහසු උඩ පන්දුවක් නොදැක්කා සේ සිටි Najmul Hossain

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනියුක්තව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අද දිනයයි.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශ පිතිකරුවන්ට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි බංගලාදේශ පිතිකරණ බලඇණිය ඉතා දියාරු ස්වරූපයක් ගත් අතර ඔවුන්ගේ ප්‍රථම ඉනිම ලකුණු 103 ට සීමා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු බලඇණිය සමත් වුණා.

ඒ අනුව අද දිනය ආරම්භ වන විට සිය අලමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව්වන් කඩුලු 2ක් දැවී ලකුණු 95ක් ලබා සිටියා.

මේ අතර අද දිනයේ දී පන්දු රකිමින් සිටියදී බංග්ලාදේශ ක්‍රීඩකයකු අතින් සිදු වූ අත්වැරදීමක් මේ වන විට බොහෝ ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Nkrumah Bonner පන්දුවට පහර දෙමින් අවස්ථාවේදී Khaled Ahmed යොමු කළ පන්දුවක් පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රකින්නා හා ස්ලිප්හි පන්දු රකිමින් සිටි Najmul Hossain Shanto අතරින් ඇදී ගියා අතර එය ඉතා පහසු උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට නජ්මුල්ට හැකියාවක් පැවතුණ ද ඔහු එය රැක ගැනීම සදහා කිසිදු උත්සාහයක් නොදැරීම බොහෝ දෙනෙකු මවිතයට පත් කළ සිදු වීමක් බවට පත් ව තිබෙනවා. ඔහු එම අවස්ථවේ වෙනත් කල්පනාවක සිටින්නට ඇති බව අනුමාන කරන නමුත් මේ වන විටත් බංගලාදේශ රසිකයන්ගෙන් ඔහුට දැඩි පීඩනයක් මේ සම්භන්දව එල්ල වෙමින් පවතිනවා.

අදාළ සිදුවීම පහතින් නරඹන්න –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button