Cricket NewsEXCLUSIVE

“මම මෙවර ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර අවසන් මහා තරගයක් බලාපොරොත්තු වෙනවා…අපි අවධානය යොමු කරන්නේ අපි ගැන මිසක් ප්‍රතිවාදීන් ගැන නෙවෙයි”- මෙවර එක්දින ලෝක කුසලාන පිළිබඳව අදහස් දක්වමින් නිරෝශන් දික්වැල්ල කියයි.

මෙවර එක්දින ලෝක කුසලාන තරඟාවලිය ඉන්දියාවේදී තවත් මාස කිහිපයකින් ආරම්භ වීමට නියමිතයි.වසර 12 කට පසුව ආසියාවේ පවත්වනු ලබන ලෝක කුසලාන එක්දින තරඟාවලිය මෙය වීමද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ක්‍රීඩක නිරෝශන් දික්වැල්ල ඉන්දීය පුවත් අඩවියක් සමඟින් අදහස් දක්වමින් කියා සිටියේ ඔහු මෙවර ඉන්දු ශ්‍රී ලංකා අවසන් මහා තරඟයක් නැරඹීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි.

“මම මෙවර ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර අවසන් මහා තරගයක් බලාපොරොත්තු වෙනවා. එම ක්‍රියාවලිය නිවැරදිව අනුගමනය කරන, මූලික කරුණු නිවැරදිව අනුගමනය කරන සහ හොඳ ක්‍රිකට් ක්‍රීඩා කරන කවුරුන් හෝ එදින ජයග්‍රහණය කරනු ඇත. අපි අවධානය යොමු කරන්නේ අපි ගැන මිසක් ප්‍රතිවාදීන් ගැන නෙවෙයි”

යනුවෙන් දික්වැල්ල එහිදී සඳහන් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button