EXCLUSIVERishie Bro

Thank You King Babar Azam ලොව අංක එකෙ ක්‍රීඩකයා වෙලත් අපෙ පුංචි ලීගය ලස්සන කරන්න ආවට.

මීට මාස කිහිපයකට කලින් ICC ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල දෙවෙනි තැන හිටපු පිතිකරුවා.
මීට වසර දෙකකට කලින් ලොව හොදම විස්සයි විස්ස පිතිකරුවා.
අදටත් ලොව අංක එකේ එක්දින පිතිකරුවා…
කොටින්ම වර්තමාන ක්‍රිකට් ‍රාජධානියේ ලොව හොදම පිතිකරුවා…
ඒ වෙන කවුරුත් නෙමෙයි. බාබර් අසාම් !!!
මීට පෙර LPL Draft වලදී ලෝකයේ නම් දරාපු සුපිරි ක්‍රීඩකයින් අර ගත්තත් අන්තිමට වුනේ ඒ හුගාක් සුපිරි තරු
අපිව ප්‍රතික්ෂේප කරපු එක,
දවසින් දවස අපේ ලීගය ලෝකය හමුවේ
හුනුකොල්ලෙටම වැටුනු එක,
නමුත් ලොව අංක එකේ පිතිකරුවා වන ඔහු නිහතමානීව පොලු තියන්නේ නැතුව අපේ ලීගයට ඇවිත් අපේ තරුණ ක්‍රීඩකයින් එක්ක හරි හරියට ක්‍රීඩා කරනවා.
ඒ ඇවිත් තරගාවලියේ රැස් කල එකම ශතකය රැස් කරලා ලෝක පූජිතයෙකුගේ හැකියාව අපේ ලීගයේ පෙන්නනවා.
පැතුම් නිස්සංක වගේ අපේ රටේ දවසින් දවස දියුණු වෙන පිතිකරුවන්ට නිර්ලෝභීව ඔහු ඔහුගේ දැනුම බෙදා දෙනවා.
යොවුන් ක්‍රීඩකයින් රාශියක් හිටපු කොළඹ කන්ඩායමේ අපේ ක්‍රීඩකයින් මේ legendary චරිතයෙන් ඉගෙන ගත් දේ බොහොයි. ඒ අත්දැකීම් අපේ ක්‍රීඩකයින් නියත වශයෙන්ම ප්‍රයෝජනයට ගනියි.
ස්තූතියි බාබර් අසාම් !!!
ලෝකයෙන්ම හෑල්ලු වුන අපේ LPL තරගාවලියට මේ දීපු වටිනාකමට, ❤️🙏
අඩබෙර නිගැහුවාට ඔහුත් රජ කෙනෙක් මේ ක්‍රිකට් ‍රාජධානියට !
✍️ | Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button