Cricket NewsEXCLUSIVE

අද තරඟයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් හිමි කර ගන්නේ ඩිල්ෂාන් මදුශංක ද ? මතිෂ පතිරණ ද ?

ආසියානු ක්‍රිකට් බලවතුන් තරඟ වදින ආසියානු කුසලාන තරගාවලිය අද රාත්‍රියේ දී ආරම්භ වීමට නියමාතය. ඒ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන B කාණ්ඩයේ තරඟයෙනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ක්‍රිඩාංගනයේ දී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.30ට තරඟය ආරම්භ වනවා.

ඇෆ්ඝනිස්තානය සමග අද පැවැත්වීමට නියමිත තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ඊයේ(26) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක සදහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අනුපිළිවෙලෙහි යම් වෙනසක් සිදු විය හැකි බවයි.

කෙසේ වෙතත්, නිමා වූ තරග සදහා යොදා ගත් කණ්ඩායමේ සංයුතියම මෙම තරගය සදහා ද යොදා ගන්නා බව ද ඔහු කියා සිටියා.තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සමග තවත් ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනෙකු අද තරගය සදහා ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා නායකයා වැඩි දුරටත් සඳහන් කර සිටියා.

ප්‍රධාන වේග පන්දු යවන්නන් කිහිපදෙනෙකුම සංචිතයට ඇතුළත්ව නොමැති බැවින් ප්‍රමෝද් මදුෂාන් හා මතීෂ පතිරණ යන වේග පන්දු යවන්නන් දෙදෙනාගෙන් එක් අයෙකුට ද අද තරගය සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් පවතින බව ශ්‍රී ලංකා නායකයා තහවුරු කළා.

වනිදු හසරංග සමගින් මහීෂ් තීක්ෂණ ප්‍රධාන දග පන්දු යවන්නන් දෙදෙනා ලෙස ක්‍රීඩා කරනු ඇත.

මෙම මාධ්‍ය සාකච්චාව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7