Cricket NewsEXCLUSIVE

“මේ අවස්තාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ගැන අනෙක් කණ්ඩායම් දැඩි ලෙස විමසිලිමත් විය යුතුයි” – ප්‍රවීණ විස්තර විචාරක Harsha Bhogle මහතා

කුසල් ජනිත් පෙරේරා යනු ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම නියෝජනය කරන ප්‍රහාරාත්මක පිතිකරුවෙකි. කුසල් ජනිත්ගේ උරහිසේ ආබාධය නොවන්නට මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව මඟහරවාගන්නට තිබුණි.

කුසල් ආරම්භක පිතිකරුවෙකු ලෙසින් ප්‍රවේගකාරී ලෙසින් මෙන්ම නොම්මර තුන පිතිකරුවෙකු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ බලඇණිය සවිමත් කරන්නට තේරීම් කමිටුව සතුවූ හොඳම විකල්පය විය.

කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා සංචිතය තුල නොමැති වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එය විශාල පාඩුවක් බවHarsha Bhogle මහතා ඉකුත් දා ස්ටාර් ස්පෝට්ස් සමඟින් එක්වෙමින් කියා සිටියා

“කුසල් ජනිත් පෙරේරා ආසියානු කුසලානයේදී ක්‍රීඩා නොකිරීම හා ඔහුගේ ප්‍රහාරාත්මක ආරම්භය නැති වීම ශ්‍රීලංකාවට විශාල පාඩුවක්. ඒ වගේම ඔවුන්ගේ ආසියානු කණ්ඩායම අත්දැකීම් අඩු ප්‍රබල කණ්ඩායමක්.මේ අවස්තාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ගැන අනෙක් කණ්ඩායම් විමසිලිමත් විය යුතුයි”

යනුවෙන් එහිදී Harsha Bhogle මහතා කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7