Cricket NewsEXCLUSIVEInternationalRishie Bro

මේ වසරේ ශ්‍රි ලංකා ක්‍රිකට් සොයාගත් හොදම පන්දු යවන්නා දිල්ශාන් මදුශංක ගැන සටහන.

මේ වසරේ ශ්‍රි ලංකා ක්‍රිකට් සොයාගත් හොදම පන්දු යවන්නා දිල්ශාන් මදුශංක කිව්වොත් නිවැරදියි.✅
ශ්‍රි ලංකා ඒ කන්ඩායමත් එක්ක එකතු වෙලා විශිෂ්ඨ දස්කම් දක්වලා හිටපු දිල්ශාන් මදුශංකව ගෙදර තියලා සංචිතයේ කිසිම වමත් වේග පන්දු යවන්නෙක් නැතුව අපේ නඩය ICC ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට යනවා.

අන්තිමේදී වාසනාවකට හෝ අවාසනාවකට Injury Replacement එකක් විදිහට දිල්ශාන් මදුශංකට ඒ තරගාවලියේ අන්තිම තරග ටිකේදි නැවතත් කන්ඩායමට එකතු වෙන්න වරම් ලැබෙනවා. එදා ඒ අවස්ථාව නොලැබෙන්න මේ කොල්ලාට නිමා වුනු ලෝක කුසලානයත් ගෙදරට වෙලා රූපවාහිනීයෙන් තරග නරඹන තැනට වැඩ සිද්ධ වෙන්න තිබ්බා.

එදා ඒ ලැබුනු අවස්ථාව කොල්ලා අතහැරියේ නැ…
සිම්බාබ්වේ තරගයේදී කඩුලු තුනක් දවාගෙන පටන් ගත්ත ගැම්ම මේ අවුරුද්ද පුරාවටම තියාගෙන ගියා…
මේ අවුරුද්දේ දිල්ශාන් මදුශංක තමයි ශ්‍රි ලංකාව වෙනුවෙන් දෙවෙනි වැඩිම කඩුලුලාභියා… දිල්ශාන් දෙවෙනි වුනේ මහීෂ් තීක්ෂණට වුනාට දිල්ශාන් මේ දවාගත් කඩුලු 30 දවා ගන්න ඔහුට වැය වුනේ ඉනින් 15ක් විතරයි.
ඒ කඩුලු 30න් 28ක්ම දවා ගන්නේ Qualifiers , Asia Cup සහ World Cup කියන Big Events වල,
ඕනම ක්‍රීඩකයෙක්ට හොද කාලයක් වගේම නරක කාලයකුත් එනවා. ඉතිං ඒ නරක කාලයේදී මේ කොල්ලව වට්ටන්නේ නැතුව හරියට බලාගෙන තවත් දියුණු කරලා ගත්තොත් ඉදිරි වසර වලදී ලෝකෙටම විශාල කරදරයක් වෙන්න පුළුවන් Skill එකක් තියෙන හාදයෙක් තමයි මේ හුංගම හී සැරය කියලා කියන්නේ…🔥

දිල්ශාන්ලා වගේ මිණි කැට හොයාගෙන ඔපමට්ටම් කරපු චමින්ද වාස්ලා ගෙදර තියලා ක්‍රිකට් දියුණු වෙනකල් බලන් ඉන්නේ නැතුව චමින්ද වාස්ලා වගේ විශිෂ්ඨ පුහුණුකරුවන්ගෙන් හරි ප්‍රයෝජන මේ රටටට ගත්තොත් තවත් මේ වගේ කැලේම පිපිලා කැලේම පරවෙන්න යන මල් වලින් රටක්ම සුවඳ කරන්නට හැකි වේවී…!
✍️ | Rishie Bro

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button