Cricket NewsEXCLUSIVE

ප්‍රභල පිතිකරුවන් රැසක් අභිබවා යමින් ශෙහාන් ජයසූරිය අමෙරිකානු දේශීය පිටියේ අණසක පතුරවයි – වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණට.!

ඇමෙරිකානු දේශීය පිටියේ ප්‍රමුඛතම විස්සයි-20 තරඟාවලිය වන Minor League ක්‍රිකට් තරඟාවලියේ 2022 තරඟවාරයේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගන්නට ශෙහාන් ජයසූරිය සමත්ව තිබෙනවා.

ඇමෙරිකාව පුරා විහිදී ඇති කණ්ඩායම් 26 ක් මෙවර තරඟාවලිය සඳහා එක්ව ඇති අතර ඔවුන් කාණ්ඩ හතරක් යටතේ තරඟවදී.

චන්ද්‍රපෝල් හේම්රාජ්,උන්මුකට් චන්ද්,‍රකීම් කෝන්වෝල් වැනි ක්‍රීඩකයින් අභිබවා මෙවර තරඟවාරයේ ලකුණු ලාභීන් අතර පෙරමුණ ගන්නට ශෙහාන් ජයසූරිය සමත්වී ඇත්තේ ලකුණු 646 ක් තමාගේ නම ඉදිරියේ සටහන් කරගනිමින්, ඔහු මෙහිදී ඉනිම් 12 ක් ක්‍රීඩා කරමින් ඉනිමක සාමාන්‍ය ලකුණු 64.60 ක් ලෙස සටහන් කරගෙන ඇති අතර ඔහුගේ පිත්තෙන් ශතක දෙකක් වාර්ථා වූ අතර වැඩිම ලකුණු සංඛ්‍යාව 115 කි.

එහිදී 154.18 ක ප්‍රහාරාජ වේගයක් රඳවා ගන්නා ඔහු මෙවර තරඟාවලියේ වැඩිම හතරේ පහරවල් සංඛ්‍යාවටද උරුමකම් කියන්නට සමත්ව ඇත.

මීට කලකට ඉහතදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් විශ්‍රාම ගත් ශෙෂාන් පසුගිය වසරේදීද මේ ආකාරයෙන්ම තුන් ඉරියවන්නෙම කැපී පෙනෙන ක්‍රීඩකයෙකු බවට පත්ව සිටියේය.

ඔහුට අමතරව ලහිරු මිලන්තද වැඩිම ලකුණු ලාභීන් 10 දෙනා අතර සිටී. ඔහු 2017-18 තරඟවාරයේදී රාගම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කල අතර එම තරඟවාරයේදී වැඩිම ලකුණු ලාභියාද වීමට ඔහු සමත් විය.

කෙසේ නමුත් 28 හැවරිදි මිලන්ත මෙවර Minor League තරඟාවලියේදී ලකුණු 357 ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභීන් අතර 8 වැනි තැන පසු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7