Cricket NewsEXCLUSIVELegends Series

නායක තිලකරත්න ඩිල්ෂාන් වේගවත් පිතිහරඹය පන්ජාබ් දිනවයි

නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන (LCT) පන්දු 90 ක්‍රිකට් තරගාවලියේ ඊයේ පස්වරුවේ පැවති 10 වැනි තරගයෙන් දිල්ලි ඩෙවිල්ස් පිල පරදවා කඩුලු 6ක ජයක් හිමි කර ගැනීමට පන්ජාබ් රෝයල්ස් පිල සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි පිල ලකුණු 133කට සීමා කළ පන්ජාබ් ක්‍රීඩකයෝ ඕවර 15 නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී ජය හිමි කර ගත්තේ කඩුලු 4ක් පමණක් අහිමි කර ගනිමිනි.

නාමන් ඕජා සමඟින් පන්ජාබ් රෝයල්ස් පිළිතුරු ඉනිම ඇරඹූ තිලකරත්න ඩිල්ෂාන් වේගවත් ලකුණු 59ක් රැස් කළේ පන්දු 36කදී හතරේ පහර 11ක් සමඟිනි. ඕජා ලකුණු 15කට දැවී ගිය අතර, ඇන්ටන් ඩෙව්චිච් පන්දු 17කින් නොදැවී ලකුණු 33ක් රැස් කරමින් පන්ජාබ් ජය තහවුරු කළේය.

පළමුව පන්දුවට පහරදුන් දිල්ලි පිල වෙනුවෙන් නායක සුරේෂ් රයිනා ලකුණු 34ක් සහ අම්බති රයිදු ලකුණු 29ක් රැස් කළ අතර, අශාන් ප්‍රියංජන්ට රැස් කළ හැකි වූයේ ලකුණු 2ක් පමණි.

මේ අතර පෙරේදා රාත්‍රියේ පැවති තරගාවලියේ 9 වැනි තරගයෙන් කලම්බෝ කිංග්ස් පිලට එරෙහිව කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් කිංග්ස් පිලට හැකි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
0
+1
1
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button