Cricket NewsEXCLUSIVE

ඉවතලන ඇලුමිණියම් ප්‍රතිචක්‍රීකරණයෙන් පසු ශ්‍රී ලාංකේය පිත්තල කරුවන්ගේ සුහුරු දෑතින් නිර්මාණය වුණු මෙවර LPL කුසලානයේ සැඟවුණු කතාව …!

කවුරුත් දන්න LPL වල නොදන්න කතාවක් තමයි මේක. ඒ LPL කුසලානය ගැන. මේ කුසලානය හදලා තියෙන්නේ අපේ රටේ පාරම්පරික පිත්තල කර්මාන්තකරුවන්ගේ අත් වලින්. ඒ ලංකාව පුරා එකතු වෙලා තිබුණ ඉවතලන ඇලුමිණීයම් කෑන් 2,500 කට වඩා ප්‍රමාණයක් උණු කරලා.

මේකට මුල් වෙලා තියෙන්නේ Melting Point ආයතනය. ඔවුන් Sri Lanka Cricket ආයතනයෙන් දුන්න වගකීම ඔවුන්ගේ උපරීමෙටත් එහා ඉටු කරලා තියෙනවා. කුසලානයේ තියෙන අපේ චිත්‍ර කලාවට ආවේණික ලියවැල් සහ සිංහ රූප සියුම්ව ඇඹෙන්නෙත් අපේම මිනිස්සුන්ගේ ඇඟිලි වලින්මයි.

කුසලානයේ ඇති සමහර කැටයම් රටා පුරාණ රජවරුන්ගේ පාලන සමය දක්වා දිවෙනවා. 100% ඇලුමිණියම් ප්‍රතිචක්‍රීකරණයෙන් හැදුනු මේ කුසලානය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රතිචක්‍රීකරණයෙන් හැදුණු පලමු කුසලානය වෙන්න පුලුවන්. මේක නම් අගය කල යුතුමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7