Cricket NewsDomestic CricketEXCLUSIVEFuture StarsInternationalUnder-19

දිනුර කළුපහනගෙ නායකත්වයෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එංගලන්තයට

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් අන්තර්ජාතික තරග 8 කට ක්‍රීඩා කර සිටින දිනුර කළුපහනට, එංගලන්තයේදී පැවැත්වෙන එක්දින සහ ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පවරා තිබේ. මේ මස 28 වැනිදා ආරම්භ වන තරගාවලිය යොවුන් එක්දින තරග 3 කින් සහ යොවුන් ටෙස්ට් තරග දෙකකින් සමන්විත වෙයි.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (22 වැනිදා) පෙරවරුවේදී එංගලන්තය බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම :

දිනුර කළුපහන (නායකයා – මහින්ද විද්‍යාලය), ශාරුජන් ශන්මුගනාදන් (උප නායකයා – ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය), සදෙව් සමරසිංහ (නාලන්දා විද්‍යාලය), හිරාන් ජයසුන්දර (ශා. ජෝෂප් විද්‍යාලය), මලිත් පෙරේරා (සාන්ත තෝමස් විද්‍යාලය – ගල්කිස්ස), දිනිරු අබේවික්‍රම (ශා. සර්වේශස් විද්‍යාලය), ගයන වීරසිංහ (මලියදේව විද්‍යාලය), තිසර ඒකනායක (ශා. අන්තෝනි විදුහල – කටුගස්තොට), පුළිඳු පෙරේරා (ධර්මරාජ විද්‍යාලය), නේතන් කල්දේරා (සා. තෝමස් විද්‍යාලය – ගල්කිස්ස), ශෙෂාන් මාරසිංහ (ධර්මරාජ විද්‍යාලය), දුමිඳු සෙව්මින (ලුම්බිණි විද්‍යාලය), හිවින් කෙනුල (සිරිකුරුස විද්‍යාලය – කළුතර), ගීතික ද සිල්වා (ශා. ආනා විද්‍යාලය), විහස් තෙව්මික (තර්ස්ටන් විද්‍යාලය), මනුජ චන්තුක (ශා. සෙබස්තියන් විද්‍යාලය – මොරටුව), යූරි කොත්තිගොඩ (රිච්මන්ඞ් විද්‍යාලය) සහ ප්‍රවීන් මනීෂ (ලුම්බිණි විද්‍යාලය)

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ තරග කාලසටහන

■ ජූනි 25 : එක්දින පෙරහුරු තරගය ලෆ්බරෝ හිදී

■ ජූනි 28 : 1 වැනි යොවුන් එක්දින තරගය චෙම්ස්ෆෝර්ඞ් හිදී

■ ජූලි 01 : 2 වැනි යොවුන් එක්දින තරගය හෝවේ හිදී

■ ජූලි 03 : 3 වැනි වැනි යොවුන් එක්දින තරගය හෝවේ හිදී

■ ජූලි 08-11 : 1 වැනි යොවුන් ටෙස්ට් තරගය වෝර්ම්ස්ලේ හිදී

■ ජූලි 16-19 : 2 වැනි යොවුන් ටෙස්ට් තරගය චෙල්ටන්හැම් හිදී

මේ වසර මුලදී දකුණු අප්‍රිකාවේ පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී අර්ධ ශතක 3 ක් ද සමගින් තරග 5 කදී ලකුණු 196 ක් ලබාගත් දිනුර කළුපහන දකුණත් වේග පන්දු යවන්නකු ලෙසින් ද කටයුතු කරන අතරම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පළමු පෙළ තරග 4 කට ද සහභාගි වූ පිතිකරුවෙකි.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ උප නායකයා වශයෙන් කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ශාරුජන් ශන්මුගනාදන් කටයුතු කරයි. යන්තම් වයස අවුරුදු 4 ක්ව සිටි ශාරුජන් කොළඹ එස්.එස්.සී. පිටියේදී ටෙස්ට් තරගයක් පැවැත්වෙන අතරතුර එස්.එස්.සී. ලකුණු පුවරුව පාමුළ පන්දුවට පහර දෙමින් සිටියේය. එම අවස්ථාවේදී රූපවාහිනී කැමරාව ඔහු වෙත යොමුවීම නිසා අන්තර්ජාතික විස්තර විචාරක කුටියේ සිටි ටෝනි ග්‍රෙග්ගේ අවධානයට ලක්වූ ශාරුජන්ව ටෝනි ග්‍රෙග් විසින් එදා හඳුන්වන ලද්දේ ‘ලිට්ල් සංගා’ යනුවෙනි.

වමත් පිතිකරුවකු වන ශාරුජන් කණ්ඩායමේ කඩුලු රකින්නා ද වන අතර දකුණු අප්‍රිකාවේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය. 2024 යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් අතුරින් ධර්මරාජ විද්‍යාලයේ පුලිඳු පෙරේරා සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විහස් තෙව්මික දෙදෙනාත් මෙවර එංගලන්ත සංචාරයට ඇතුළත්ව සිටිති.

එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් රුවන් කල්පගේ මහතා කටයුතු කරයි. සුසන්ත මෙන්ඩිස් මහතා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නියෝජිතයා වශයෙන් එංගලන්ත සංචාරයට එක්වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button