Cricket NewsEXCLUSIVEInternational

තරගයක හෝ දෙකකදී හොඳින් දස්කම් නොදැක්වූ පමණින් දිමුත්ව අයින් කරන්න බෑ – දිමුත් කරුණාරත්න ගැන පිතිකරන පුහුණුකරු නවීඩ් නවාස් කියන කතාව

2023 වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුකිරීමට මේ වන විට බලාපොරොත්තු නොවන බව පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් සඳුදා (සැප් 11) පැවසීය.

දිමුත් කරුණාරත්න වෙනුවට කුසල් ජනිත් පෙරේරා සංචිතයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් කළ විමසීමකට මාධ්‍ය අමතමින් නවාස් ප්‍රතිචාර දැක්වීය.

“ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී දිමුත් කරුණාරත්න කණ්ඩායමට ඇතුළත් කළා. ඔහු තරගාවලියේ හොඳින් දස්කම් දැක්වූ අතර දිගටම හොඳින් ක්‍රීඩා කළා” ඔහු පැවසීය.

ඔහු තරගයක හෝ දෙකකදී හොඳින් දස්කම් නොදැක්වූ පමණින් ඔහුව ඉවත් කළ යුතු යැයි අදහස් නොකරන බව පෙන්වා දුන් නවාස්, “එසේ කිරීම සුදුසු යැයි මම විශ්වාස කරන්නෙ නෑ ” යැයි ද පැවසීය.

මේ වන විට ශ්‍රී ලංකා පිලේ බංකු ශක්තිය හොඳ මට්ටමක පවතින බව ප්‍රකාශ කළ නවාස්, කුසල් ජනිත් පෙරේරා වැනි ක්‍රිකට් ක්‍රීඩකයකු ක්‍රිකට් ක්‍රීඩා කරන XI ට ඇතුළත් වීමට බලා සිටීමෙන් පෙන්නුම් කරන්නේ කණ්ඩායමේ දියුණු වීම බව යනුවෙන් ඔහු සදහන් කලා.

“ඕනෑම ක්‍රීඩකයෙකු ඔවුන්ගේ දක්‍ෂතාවය මත ආදේශ කළ හැකි වීම සංචිතයේ තෝරාගත් අය සහ කණ්ඩායමට ඇතුල් වීමට උත්සාහ කරනකොට තෝර ගත්ත ක්‍රීඩකයන්ටත් පිටත ඉන්න ක්‍රීඩකයන්ටත් පීඩනයක් ඇති කරනවා. තෝරාගත් ක්‍රිකට් ක්‍රීඩකයින් ඔවුන්ගේ දස්කම් තවදුරටත් ඉහළ නංවන බැවින් මෙය කණ්ඩායමට විශාල වාසියක්. අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටින අය ද එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු බව වටහා ගන්නවා, ”ඔහු පැහැදිලි කළේය.

මෙම තත්ත්වය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දස්කම් වැඩි දියුණු කර ගැනීමට ඇති හොඳම ක්‍රමයක් බවත්, එවැනි පීඩනයක් නොමැතිකම සංචිතයේ මිණුම් ලකුණ පහත වැටීමට හේතු වන බවත් පිතිකරණ පුහුණුකරු වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button