Cricket NewsEXCLUSIVEInternationalSri LankaWorld Test Championship

දකුණු අප්‍රිකාවෙ දස්කම් පෑ ආසීයානු නායකයා වන දිමුත් කරුණාරත්න සමග සම තැන ගැනීමට විරාට් කෝලි සමත් වේ.

දකුණු අප්‍රිකාවේදි දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරග 2 ක් ජයග්‍රහණය කළ ආසියානු ක්‍රිකට් නායකයින් අතරට විරාත් කෝලි ඊයේ පැමිණියා.මීට පෙර එවැනි දස්කමක දක්වා තිබුනේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පමණයි.

දිමුත් කරුණාරත්න ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව 2019 වසරේදි ඩර්බන් හිදි හා පෝට් එළිසබත් හිදි ටෙස්ට් ජයග්‍රහණ 2 ක් වාර්තා කළා.විරාත් කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම ඊයේ දකුණු අප්‍රිකාව සමග සෙන්චුරියන් හීදි පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 113 කින් ජය ගත්තා.

මීට පෙර විරාත් කෝලි 2018 වසරේදි ජොහැන්ස්බර්ග් හිදි දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායම පරාජයට පත් කිරීමට ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දුන්නා.

මෙම ජයග්‍රහණයත් සමග දකුණු අප්‍රිකාවේදි දකුණු අප්‍රිකාව ටෙස්ට් තරග 2 කදී පරාජය කළ ආසියානු ක්‍රිකට් නායකයින් අතර දිමුත් කරුණාරත්න සමඟ සමතැන් ගැනීමට විරාත් කෝලි ඊයේ සමත් වුනා.

කෙසේවෙතත් දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාවේදි ටෙස්ට් තරඟාවලියකදී පරාජයට පත් කළ පළමු හා එකම ආසියානු කණ්ඩායම වන්නේ දිමුත් කරුණාරත්න ගේ නායකත්වය යටතේ වු ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඊයේ ඉන්දීයාව ලැබු ජයග්‍රහණයත් සමග සෙන්චුරියන් හිදි ටෙස්ට් තරග ජයක් ලැබු පළමු ආසියානු කණ්ඩායම බවට පත්වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7