EXCLUSIVETrending Article

කෝටි 5.5ක ඉහළ මිළකට RCB විසින් තමන්ව මිළ දී ගැනීම අනුවණ ක්‍රියාවක් බව කියූ විචාරකයන්ට සිය පිත්තෙන් පිළිතුරු දුන් දිනේෂ් කාර්තික්.!

මේ පාර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී නේෂ් කාර්තික් එහෙමත් නැත්නම් DK ව ඉන්දියන් රුපියල් කෝටි 5.50ක් දීලා චෙන්නායි එක්ක ලොකු ෆයිට් එකක් දීලා RCB ලා තමන්ගේ කන්ඩායමට මිලදී ගන්නවා.

මේ සිද්ධියෙන් පස්සේ සමහර වාර්තාකරුවන් විචාරකයින් පවා RCB ගත්ත මේ තීරණය ” අනුවණ ” තීරණයක් විදිහට හැදින්වූවා.

මීට කලින් විස්තර විචාරකයෙක් විදිහට හිටපු කාර්තික්ට මේ තරම් ගානක් වියදම් කරේ අපරාදේ කියලා හුගාක් අය කිව්වා.

හැබැයි කාර්තික් ඒ හැමෝගෙම කටවල් වහලා මෙවර තරගාවලියේ RCB වෙනුවෙන් විශ්වාසනීය ෆිනිෂර් කෙනෙක් විදිහට කටයුතු කරා. ඔහු මෙවර තරගාවලියේ පිතිකරන සාමාන්‍යය 55ක ඉහල අගයක් රදවා ගත්තා. ඒ වගේම තරගාවලියේ හොදම ප්‍රහාරාත්මක වේගයක් තියාගෙන 183.33ක ප්‍රහාරාත්මක වේගයකට කාර්තික් හිමිකම් කිව්වා. ඒ විතරක් නෙමේ මෙවර තරඟාවලියේ Punch Super Striker Of The Season ලෙස ඔහු සම්මානයටත් පාත්‍ර වුනා.

මේ සුපිරි දක්ෂතා නිසාම නැවතත් ඉන්දීය සංචිතයට එක් වෙන්න කාර්තික්ට පුළුවන්කම ලැබුනා. ඒ අනුව දකුණු අප්‍රිකාවත් සමග පැවැත්වෙන ඉන්දීය සංචිතයට DK ව කැඳවනවා.

ඉතිං සුපිරි කම්බැක් කියන්නේ මොනවාද කියලා මේ වෙද්දි කාර්තික් පෙන්නලා ඉවරයි.

අද දිනේෂ් කාර්තික් තමන්ගේ 37 වෙනි උපන්දිනය සමරනවා. දවසින් දවස වයසට ගියත් දවසින් දවස තරුණ වෙන හාදයෙක් වගේ තාමත් කම්බැක් දෙනවා.

ඉතින් දිනේෂ් කාර්තික්, ඔබට සුභ උපන් දිනක් වේවා !!!!

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button