Cricket NewsEXCLUSIVESocial Reaction

මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණව ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතයට කැඳවීම වෙනුවෙන් Chennai Super Kings කණ්ඩායම තැබූ අපුරු සටහන.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා අවසන් වුයේ මෙවර තරඟාවලියට අලුතින්ම එක් වූ Gujarat Titans කණ්ඩායමට කුළුඳුල් ශුරතාවය හිමිකර දෙමිනි.

දෙමසකට ආසන්න කාළයක් පැවති ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 5 දෙනෙකු ඉන්දීය ප්‍රිමියර් ලීගය සඳහා කණ්ඩායම් විසින් ක්‍රීඩක වෙන්දේසියේ දී මෙවර මිල දී ගත් අතර තරඟාවලිය අතරවාරයේදී CSK කණ්ඩායම විසින් ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණවද කණ්ඩායමට එක් කර ගැනීමට කටයුතු කලා.

මහීෂ් තීක්ෂණ මෙන්ම මතීෂ පතිරණද Chennai Super Kings කණ්ඩායම නියෝජනය කරමින් මෙවර තරඟාවලියේ IPL වරම් හිමිකර ගැනීමට සමත් වුණා.

එහිදී මෙම ක්‍රීඩකයන් දෙදෙනාම සුපිරි දස්කම් දැක්වීමට සමත් වූ අර ක්‍රීඩක වෙන්දේසියේදී මහීෂ් තීක්ෂණව මිලදීගැනීම ගැන ප්‍රශ්න කෙරූ තමිල්නාඩු ප්‍රේක්ෂකයන් මහීෂ් තීක්ෂණ දක්වන දස්කම් හමුවේ ඔහු Chennai කණ්ඩායමට අවශ්‍යම ක්‍රීඩකයෙකු ලෙස හැඳින්වූවා.

එමෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස සැලකෙන ලසිත් මාලිංග පන්දු යවන ඉරියව්වට ඉතා සමාන අයුරින් පන්දු යවන ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ හටද ‘Baby Maling”ලෙස හදුන්වමින් ඉතා උණුසුම් පිළිගැනීමක් ලබාදීමට ඔවුන් අමතක කළේ නැහැ.

මතිෂ පතිරණ ද ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ යැවු ප්‍රථම පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

CSK කණ්ඩායම සහ නායක MS Dhoni මෙම ශ්‍රී ලංකා යොවුන් ක්‍රිඩකයන් දෙපළ කෙරෙහි දැඩි විශ්වාසයක් තැබූ අතර මතීෂ පතිරණ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට පෙර IPL කණ්ඩායමක් නියෝජනය කළ ප්‍රථම ක්‍රීඩකයා ද වනවා.

ඒ අනුව එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය වෙනුවෙන් මහීෂ් තීක්ෂණ මෙන්ම නවක ක්‍රීඩක මතිෂ පතිරණවද ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙන අතර ඒ වෙනුවෙන් CSK කණ්ඩායම සිය නිල සමාජ පිටුවේ සටහනක් තැබීමට අමතක කර තිබුණේ නැහැ.

මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ පිළිබඳව Chennai Super Kings තැබූ සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7