Cricket NewsEXCLUSIVEIPL

IPL තරඟ ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ලෙස සිටි ලසිත් මාලිංගගේ වාර්තාව සම කිරීමට DJ Bravo සමත් වෙයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය ඊයේ අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වූවා.

ඒ පසුගිය වසරේ ශූරතාවය ජයග්‍රහණය කළ Chennai Super Kings කණ්ඩායම සහ අනුශූරයන් වූ Kolkata Night Riders කණ්ඩායම අතර තරඟය ආරම්භ කරමිනි.

එම පැවැත්වුණු ප්‍රථම තරගයෙන්ම පසුගිය වසරේ ශූරතාව ජයග්‍රහණය කළ Chennai Super Kings පරාජය කරමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අති සාර්ථක ආරම්භයක් ලබාදීමට KKR කණ්ඩායම අද සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 131ක් රැස් කළ අතර ලකුණු එකසිය 132ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 18කුත් පන්දු 3ක් අවසානයේ කඩුලූ 4ක් පමණක් දැවී ජයග්‍රහණ ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙතෙක් ඉතිහාසය තුළ වැඩිම කඩුලු ලාභියා ලෙසින් පෙරමුණේ සිටියේ ශ්‍රී ලංකා සුපිරි පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංගයි.

ලසිත් මාලිංග IPL ඉතිහාසයේ ඉණිම් 122ක් තුළ කඩුලු 170ක් බිඳ හෙළීමට සමත්ව සිටියේ එදා මෙදා තුර IPL ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම වේග පන්දු යවන්නා තමන් බව නැවත නැවතත් තහවුරු කරමිනි.

මේ අතර ඊයේ පැවති IPL 2022 තරගාවලිය ආරම්භ කරමින් පැවති KKR සහ CSK අතර තරඟයේ දී CSK පන්දු යවන ක්‍රීඩක DJ Bravo විසින් ලසිත් මාලිංගගේ මෙම වැඩිම කඩුලු සංඛ්‍යාව සම කිරීමට සමත්වුණා.

කෙසේ නමුත් බ්‍රාවෝ ඒ වෙනුවෙන් වැය කර ඇති තරඟ සංඛ්‍යාව තරග එකසිය 152ක් සහ ඉණිම් 149ක්.

ඒ අනුව Dj Bravo විසින් තවත් එක් කඩුල්ලක් ලබා ගතහොත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ගේ වාර්තාවටDJ Bravo විසින් හිමිකම් කියනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7