Cricket NewsEXCLUSIVEIPL

Punjab Kings නියෝජනය කරමින් භානුක රාජපක්ෂ අද තරඟයට ක්‍රිඩා කරන බව EspnCricinfo වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය ඊයේ අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වූවා.

මෙවර තරගාවලියේ තෙවන තරගය ලෙස අද රාත්‍රියේ Punjab Kings සහ Royal Challengers Bangalore තරඟයට පිවිසීමට නියමිත අතර ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ටත් මෙම තරගය වඩාත් වැදගත් වන්නේ භානුක රාජපක්ෂ Punjab නියෝජනය කිරීමත්, Royal Challengers Bangalore කණ්ඩායම වනිදු හසරංග නියෝජනය කිරීමත් හේතුවෙනි.

මේ අතර ලෝකප්‍රකට ක්‍රිකට් වෙබ් අඩවියක් වන EspnCricinfo විසින් අද දිනයේ දී ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායම් නිවේදනය කර තිබෙනවා.

එහිදී Punjab Kings නියෝජනය කරමින් භානුක රාජපක්ෂ අද දිනයේ දී IPL වරම් හිමි කර ගැනීමට නියමිත බව ඔවුන් පෙන්වා දෙන අතර භානුක Punjab Kings හි සිව්වන පිතිකරුවා ලෙස පිටියට පිවිසිමට නියමිත බවත් ඔවුන් වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

භානුක රාජපක්ෂ සැලකෙන්නේ ශ්‍රී ලංකාවෙන් කලකට පසුව බිහිවූ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙසයි.

පසුගිය වසරේ පැවැත්වූ විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී දැක්වූ දස්කම් සහ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දැක්වූ දස්කම් මත ලොව ඉහළම වාණිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමේ වරම් භානුකට හිමිවුණා.

විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පවා ඔහුට අවස්ථාව හිමි නොවූ පසුබිමක මෙම ක්‍රිකට් ලෝකයේ දැවැන්තම ලීග් තරඟාවලියට ක්‍රිඩා කිරීමට ඔහුට වරම් හිමි වීමයි.

ඒ අනුව EspnCricinfo වාර්තා කරන ආකාරයට අද රාත්‍රියේ භානුක රාජපක්ෂ Punjab Kings නියෝජනය කරමින් සහ වනිඳු හසරංග Royal Challengers Bangalore නියෝජනය කරමින් අද තරඟයට පිවිසීමට නියමිතය.

කෙසේ නමුත් ඊයේ පැවති තරඟයේදි චාමික KKR නියෝජනය කරනු ඇති බවට EspnCricinfo සඳහන් කර තිබුවත් ඔහුට ක්‍රිඩා කිරීමට අවස්ථාවක් ලැබී තිබුනේ නැහැ.

EspnCricinfo මේ පිළිබඳව සඳහන් කළ ලිපිය පහතින් >>>>  https://www.espncricinfo.com/series/indian-premier-league-2022-1298423/punjab-kings-vs-royal-challengers-bangalore-3rd-match-1304049/match-preview

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button