Cricket GossipCricket NewsEXCLUSIVEInternational

ක්‍රිස් ගේල් පෙන්නා කෝටි ගණනක මුදල් වංචා කල කාන්තාවක් පොලිසිය සොයයි

කෙන්යාවේ කෝපි සමා­ග­මක බට­හිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් මුදල් ආයෝ­ජ­නය කළ බව පවසා ගේල්ගේ ඡායා­රූප හා වීඩියෝ පෙන්ව­මින් කෝටි ගණ­නක මුදල් වංචා කළ කාන්තා­වක් ඉන්දි­යාවේ හයි­ද්‍රා­බාද් පොලී­සිය සොය­මින් සිටියි.

වයස අවු­රුදු 60ක ව්‍යාපා­රික කාන්තා­වක් පැමි­ණිල්ල ඉදි­රි­පත් කර ඇති අතර, ඇගේ සහෝ­ද­රයා, ඔහුගේ බිරිය හා තවත් පුද්ග­ල­යන් හතර දෙනෙ­කුට එරෙ­හිව චෝදනා ගොනු කර තිබේ. සිද්ධිය සම්බ­න්ධ­යෙන් ඉන්දීය මධ්‍යම අප­රාධ පොලිස් ස්ථානය පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර තිබේ.

කෙන්යාවේ කෝපි සමා­ග­මක මුදල් ආයෝ­ජ­නය කළ­හොත් ලාභ ලැබී­මට හොඳ අව­ස්ථා­වක් ඇති බවත්, සමා­ගමේ හිමි­කරු එක්සත් ජන­ප­දය තුළ තම ව්‍යාපා­රය පුළුල් කර­මින් සිටින බවත් පවසා බට­හිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩ­ක­යා­ටද සමා­ගමේ ආයෝ­ජන කර ඇති බව පවසා තිබේ. මුළු ආයෝ­ජ­නය ඉන්දීය රුපි­යල් කෝටි 5.7ක් යෙදවූ පසු ආයෝ­ජන මුද­ලින් සිය­යට 4ක් සෑම මස­කම ආපසු ලබා දෙන බවත් පවසා මුල් මාස කිහි­ප‍යේදී සෑම කෙනෙ­කු­ටම ප්‍රති­ලාභ ලබාදී ඇත.

පැමි­ණි­ලි­කා­රිය තම සහෝ­ද­ර­යාගේ වචන විශ්වාස කර­මින් ඉන්දීය රුපි­යල් මිලි­යන 28ක් ආයෝ­ජ­නය කළාය. ඊට අම­ත­රව, මිතු­රන් සහ පවුලේ සාමා­ජි­ක­යන් තවත් රුපි­යල් මිලි­යන 22ක් ආයෝ­ජ­නය කිරී­මට දිරි­මත් කර ඇත. මාස කිහි­ප­ය­කට පසු, චුදිත සහෝ­ද­රයා සහ ඔහුගේ බිරිඳ සමා­ගමේ පාඩු ගැන කතා කිරී­මට පට­න්ගත් බවත් පොරොන්දු වූ මාසික මුදල් ආපසු ගෙවීම් නතර වූ බවත් සඳ­හන් වේ. ක්‍රිස් ගේල් මෙවැනි ව්‍යාපා­ර­ය­කට සම්බන්ධ නැති බවට ද කරුණු අනා­ව­ර­ණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button