දසුන් ශානක ක්‍රීඩා කළ ඩුබායි කැපිටල්ස් ජාත්‍යන්තර ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබයි.
ඩුබායි ජාත්‍යන්තර ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට දසුන් ශානක ක්‍රීඩා කළ ඩුබායි කැපිටල්ස් කණ්ඩායම පෙරේදා සමත් විය.
තරගාවලියේ දෙවැනි සුදුසුකම් ලබා ගැනීමේ තරගය (Qualifier 2) කඩුලු 9කින් ජය ගැනීමට කැපිටල්ස් කණ්ඩායම සමත් විය.
මේ අනුව ඩුබායි කැපිටල්ස් සහ මුම්බායි ඉන්දියන්ස් එමිරේට්ස් කණ්ඩායම් අතර අවසන් තරගය අද (17) ඩුබායිහිදී පැවැත්වේ.
පෙරේදා සාජාහිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගල්ෆ් ජයන්ට්ස් පිල ලකුණු 138කට සීමා කළ ඩුබායි කැපිටල්ස් පිල ඕවර 15.5කදී ජය හිමි කර ගත්තේ කඩුල්ලක් පමණක් අහිමි කර ගනිමිනි.
ලියුස් ඩු ප්ලූයි නොදැවී ලකුණු 63ක්, ටොම් බැන්ටන් ලකුණු 38ක් සහ ටොම් ඇබෙල් නොදැවී ලකුණු 20ක් රැස් කරමින් කැපිටල්ස් පිල ජය ග්‍රහණය කරා ගෙන ගියහ.
පළමුව පන්දුවට පහරදුන් ජයන්ට්ස් පිල වෙනුවෙන් ජෙම්ස් වින්ස් ලකුණු 58ක් සහ ක්‍රිස් ජෝර්ඩ්න් නොදැවී ලකුණු 30ක් රැස් කළහ. කැපිටල්ස් පිල නියෝජනය කරන දසුන් මේ තරගයට ක්‍රීඩා නොකළ අතර, ඔහු අද පැවැත්වෙන විස්සයි20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබිණි. ඔහු පසුගිය 13 වැනිදා අබුඩාබි නයිට් රයිඩර්ස් පිලට එරෙහිව පැවති Eliminator තරගයට ක්‍රීඩා කළේය.