Cricket NewsEXCLUSIVEILT20

Dubai Capitals කණ්ඩායම දැවැන්ත මුදලකට, ශ්‍රී ලංකා නායක දසුන් ශානකව සහ දුෂ්මන්ත චමීරව සිය කණ්ඩායමට එක් කර ගනී.!

ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට අති දැවැන්ත වාණිජ වටිනාකමක් හිමි ක්‍රීඩාවක් බවට පත්ව තිබෙන අතර එයට ලොව පුරා පැවැත්වෙන ප්‍රිමියර් ලිග් තරඟ කදිම සාදකයක් බවට පත්ව තිබෙනවා.

ඒ අනුව ෆ්‍රැරැන්චයිස් ක්‍රිකට් ලිග් තරඟාවලින් අතරට එක් වන අලුත්ම තරඟාවලිය ILT20 හෙවත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පැවැත්වීමට සැලසුම් කරන අලුත්ම ජාත්‍යන්තර විස්සයි-20 ලීගය International League T20 තරඟාවලියයි.

පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් තරඟවදිනු ලබනවා.

මේ අතර ILT20 තරඟාවලියේ තරඟ වදින Dubai Capitals කණ්ඩායම ශ්‍රී ලංකා විස්සයි-20 සහ එක්දින නායක දසුන් ශානක සමග ගිවිසුම් ගත වී තිබෙනවා. මීට අමතරව ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රිඩක දුෂ්මන්ත චමීර ද සිය සංචිතය තුළ රඳවා ගැනීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

මෙම Dubai Capitals කණ්ඩායමේ හිමිකාරිත්වය දරන්නේ IPL තරඟාවලියේ Delhi Capitals කණ්ඩායමේ හිමිකරුවන් විසිනුයි.

Dubai Capitals හි නිළ සමාජ මාධ්‍ය පිටු වලින් දසුන් ශානක සහ දුෂ්මන්ත චමීර සමග ගිවිසුම්ගත වීම මෙලෙස වාර්තා කර තිබුණා.

දසුන් ශානක

දුෂ්මන්ත චමීර

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7